Chapter 66

7.4K 596 54
                                    

ජාන් යීබෝගේ නළලත සිප ගැනීමට නැමුණත් එක්වරම ඩ්‍රේක් නැවත වරක් අසන්නට විය.

යීබෝ එක්වරම දරුවා වෙත අවදානය යොමු කල නිසා ජාන්ගේ හදුව මගහැරුණි.

" හුහ්...."

" අහ්හ්...චූටි...." යීබෝගේ මුවින් කෙදිරියක් පිට වූවේ ජාන් බලෙන්ම ඔහු තමා දෙසට හරවා ඒ දෙතොල් උල් වන අයුරින් නිකටින් තදකොට අල්ලාගෙන ඒ දෙතොල් මත් හාදු කිහිපයක්ම තැබූ නිසාය.

" there is one vip is in your life...its me yibo...its me..."

" ඉන්න අයියෝ...බොරුවට රණ්ඩු අල්ලන්න හදනවා..."

" ඒයි...ඩ්‍රැකී...අප්පච්චි යනවා පුතේ...ඔයාගේ අම්මි මගේ හොදේ..." ඩ්‍රේක්ගේ පිටද සිප ගත් ජාන් යූවත් වඩාගෙන යන්නට ගොස් නැවත හැරී විත් යීබෝව නැවත වරක් සිප ගත්තේය.

" ආශ්...මේ ඉරිසියාව...."

" අප්පුත්ති...." ජාන් අතෙහි වූ යූ ජාන්ගේ කම්බුලක් ඒ සිනිදු අතින් අල්ලා ගත්තාය.

" ඕ මැණික..."

" මත ආයේ අම්මා කුක්කූ නෑ..ත...?"

" මගේ පුතාට අම්මා කුක්කු ඕනිද...?"

" ඕනි නෑ නේත...?මයියී පව්ව්...අම්මා කුක්කූ ඕනිතේ..."

" ඒකනේ මැණික...මගේ කෙල්ල...මගේ හොඳ කෙල්ල.."

" ඒත් මං ආතනේ එව්වාත..."

" මල්ලී දොයිය වෙලාවක අපි අම්මිගෙන් ඉල්ල ගමු වස්තුව..."

" ඉයිය ගමු...."

" අප්පුත්ති...."

" ඒ පාර මොකද වස්තුවේ..." යූ ජාන් හට නැවත කතා කල බැවින් ජාන් ඇසුවේ ඇගේ පපුවට හාදුවක්ද තබමිනි.

" අප්පුත්ති මත ආදෙයිද..?"

" අනේ...මං මගේ මැණිකට කොච්චර ආදරෙයිද කියලා දන්නවද...?"

" මෙච්චද..?" දියණිය ඒ සිඟිති අත් දෙක පළල් කරමින් ඇසුවේය.ජාන්ගේ මුවේ සිහින් සිනාවක් ඇදුණි.

" ආන්න බලන්න අහස පේනවද මගේ දෝණිට..."

" ඕ..නිල් පත ආස..."

" අප්පච්චි අහස තරම් ආදරෙයි නේ මගේ දෝණිට..අප්පච්චිගේ නිධානේනේ මේ..."
ජාන් අතොරක් නැතිව ඒ මුහුණට හාදු තැබුවේය.ඇගේ පිම්බුණු කම්බුල් බෝල ඇස් අස්සේ තියෙන ලා නිල් පාට ජිල් බෝල...සිනිදුම සිනිදු තොල්...ජාන්ට පපුව පැලෙන්න තරම් ලෝබ සිතුණි.ඇය හැදෙන්නේ එක අම්මෙක්ගේ ආදරෙයි තාත්තලා තුන් දෙනෙක්ගේ ආදරෙයි එක්ක..ඇය මොන තරම් හුරතල් කලත්..යූට තිබුණේ අවැසි දේ සිතන්න පමණි.ඊළඟ තප්පරයේ ජාන් එය ඇය අසලින් තැබුවේය.බින් හා ශුවාන්ද ඇයට අඩුවක් නැතිව ලබා දෙන්නේ තාත්තෙක්ගේ ආදරය ය.යීබෝ විටින් විට ඔවුන් තිදෙනාට දරුවා නාස්ති කරනවා යැයි බැන්නාට,ඇය මුරණ්ඩු හිතුවක්කාර එකියක් වේ යැයි සිතුවාට ඇගේ වයසේ අනිත් අය මෙන් ඈ මුරණ්ඩු හිතුවක්කාර දරුවෙකු නොවූවාය.ඈ දග මල්ලකි..කතා පෙට්ටියකි...නමුත් ඈ කීකරුය.ආදරණීය ය...ඈ යීබෝගේ තුරුලට වඩා ජාන්ගේ උණුසුමට ප්‍රිය කලත් ඇගේ රූපය මෙන්ම ගතිගුණද යීබෝමෙන් විය

Idol's Husband  (Zhanyi)(21+)Tempat cerita menjadi hidup. Temukan sekarang