"චූටී...චූටී...පුතේ...එන්නකෝ"
අම්මගේ කෑගැහිල්ල මොකද්ද බලන්න මං පහලට දුවලා ගියේ හෙන ඉවසීමෙන් පාට කර කර හිටපු චිත්රෙත් අතරමග දාලා.
"ඕ...අම්මේ...."
"අන්න ඕලෙවල් රිසාල්ට් ඇවිල්ලලු"
මං ලිව්වවෑ මේ පාර. අම්මා මොන එහෙකටද ඕක ඔච්චර උවමනාවෙන් කියන්නේ? අම්මගේ මූණෙ තිබ්බේ ලොකු සතුටක් ...ඒත් ඒකට හේතුව මොකද්ද ?
"පුංචි කෝල් කලා...අර බාප්පගෙ අක්කගෙ පුතා..බෝ පුතා.. මේ සැරේ ලිව්වලුනේ... A9ක්ලු."
"ආ එහෙමද හොඳයිනේ"
මං එහෙම කිව්වේ කිසිම හැඟීමක් නැතුව. මොකද ඔය කියන අයියා අපේ නෑයො උනා කියලා මාත් එක්ක වචන දහයක් වත් කතා කරලා නෑ.පුදුම ලොකුකමක් තමයි එයාට තිබුනේ. ඒ වගේම තමයි නපුරුකම. ගෙදරම හොල්ලගෙන ඉන්නේ.අම්මෝහ් මට නම් එයාව දැක්කත් බය හිතෙනවා.
"A/l වලට bio ලු කරන්නේ . ඔන්න ඔයාලගෙ ස්කෝලෙට එනවලු.ආයෙ ඉතින් මොකටද හොස්ටල් ඉන්නේ, මං කිව්වා මෙහේ නවතින්න කියලා.අනික මෙහේ හොඳ ක්ලාස් එහෙමත් තියේනේ.ඔයාගෙ කාමරේ ඉන්න පුළුවන්නේ චූටි"
"මොකක් !"
අපේ ස්කෝලෙට එන එක කමක් නෑ.අපේ ගෙදර එන එක..එකත් කමක් නෑ..ඒත් ...ඒත් මගේ කාමරේට එන එක?
"අනේ බෑ බෑ අම්මෙ..."
"ඒ මොකද? මේ මේ චූටි නටන්න ලෑස්ති වෙන්න එපා හරිද .ඒ පුතා දක්ශ ලමයෙක් ...එයා එක්ක පාඩම් කරන එක ඔයාටත් හොඳයි. ඒ නැතත් ඒ දරුවා අපේම කෙනෙක්."
අපේ අම්මා කිව්වොත් කිව්වා...එයාගෙ වචන සක්කරයටවත් වෙනස් කරන්න බැරි බව දන්න හින්දා,මං වචනයක් වත් කිව්වෙ නෑ...මොකද මං කවදාවත් කෑගහලා මගේ අයිතීන් දිනාගන්න පුරුදු වෙලා හිටියෙ නෑ. රණ්ඩු කරන්න මං ආසා නෑ වගේම මං බයයි.හැමදාමත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න මම ආපහු හැරිලා මගෙ කාමරේට යන්න ගියා.
"කාමරේ අස් කරලා තියාගන්න චූටි එයාලා හෙට එනවලු....."
නිදහසේ තනියම කාමරේ ඉන්න අන්තිම දවස අද වෙයි වගේ.ඇඳට පැනපු මම අත් දෙකයි කකුල් දෙකයි හතරපැත්තට විහිදෝගෙන අත් දෙකෙන් ඇඳ උඩට පහලට අතගෑවා.

YOU ARE READING
BE MINE🖤 (Completed)
Fanfictionමිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලෙම ප්රේම කරන්නේ එකම එක වතාවක් විතරයි....❤️💚