Chapter 14💟

723 146 24
                                    

"තමුන් මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ ආහ් "

"චූටි මං...ඒක."

"ආයේ මාව ඉඹින්න හිතන්න වත් එපා."

චූටි මගෙ පපුවට අත තියලා මාව තල්ලු කරන්න හැදුවා උනත් එයාට මාව හොලවන්න වත් බැරි තැන අත මිටමොලවලා මගෙ පපුවට හයියෙන් එකක් ගැහුවා.

"සමාවෙන්න චූටි"

මං සමාවෙන්න කියාගෙනම එතනින් නැගිටලා පහලට ගියා.මං දැක්කා එයා ඇස් කරකෝ කරකෝ කාමරේ දිහා බලනවා.

"නැන්දා මට අනිත් කාමරේ හදලා දෙන්නකෝ"

මං කිව්වේ චූටිගෙ කාමරේට එහා පැත්තේ තිබ්බ කාමරෙ ගැන වෙනකොට නැන්දා බැලුවෙ හරි පුදුමයෙන්. අවුරුදු ගානක් එක කාමරේ ඉඳලා එක පාරටම වෙන එකක ඉන්න ඕනි කිව්වම ඕන කෙනෙක් පුදුම වෙන එක සාධාරණයි ඉතින්.

"ඇයි පුතේ අපේ එකා පුතාට ගනන්කාරකම් පෙන්නුවද? මේ දවස්ටිකේම එයාගෙ ඔලුව අවුල් වෙලා තිබ්බේ පුතේ හරියට කෑවෙ බිව්වේ නෑ .නිදාගත්තෙ නෑ ඔහේ බලාගත්තු අත බලාගෙන හිටියා. මං හිතන්නේ කෙල්ලෙක්ගේ හුටපටයක් "

අනේ දෙයියනේ පවු මගෙ අහිංසකයා.සීන් හිටපු විදිහ ගැන කියද්දී මගේ හිතට ලොකු වේදනාවක් වගේම මං ගැනම ලොකු තරහක් ඇති උනා.

"හරි හරි පුතා ඉන්නකෝ මං අනිත් කාමරේ ලෑස්ති කරලා දෙන්නම්."

නැන්දා මට කාමරේ ලෑස්ති කරලා දුන්නයින් පස්සෙ මං ඒකට වෙලාහිටියා මිසක් එලියට ආවේ නෑ.චූටි....මට ඔයාව ඕනි.මං කොහොමද ඔයාව මගෙ ලඟට ගන්නේ? එහෙන් ඩැඩී.ඊටත් වඩා ඔයාට මාව දැන් එපා වෙලා ගිහින්.. මට දැනෙන්නේ මගෙ ජීවිතේ හරිම අසම්පූර්ණයි වගේ.. මං ඇඳ උඩට වෙලා කල්පනා කලා .

"පුතාලා කෑම කන්න එන්න"

නැන්දගේ කටහඬ ඇහිලා මං පහලට යනකොට  චූටි ඇවිත් හිටියා. වෙනදා පුරුද්දට නැන්දා අපිට බත් බෙදලා එක ලඟින්ම තියලා තිබුනා.චූටි මං කියලා කෙනෙක් එතන නෑ වගේ පුටුවෙන් ඉඳගත්තා.

"කෝ අද කවන් නැද්ද?"

මං අත හෝදනවා දැකපු නැන්දා ඇහුවෙ පුදුමයෙන්.මොකද මං මෙහෙ හිටපු හැම දවසකම වගේ මං සීන්ට කියලා බත් කවාගත්තනේ.

BE MINE🖤 (Completed)Where stories live. Discover now