Chapter 11💟

781 167 27
                                    

මං ඉස්සරහට ඇවිදගෙන ගියා.උදේ වරුවට මුහුදු වෙරළ හරිම නිස්කලංකයි කියලා අහලා තිබුනට ඒක මීට කලින් අත්විඳලා තිබුණෙ නෑ.ඇහැට පේන මානෙක එක මනුස්ස පුළුටක් නැති වෙනකොට මට ඇහුනේ මුහුදු රැල්ල ගහන සද්දෙ විතරයි. මං අත් දෙක දෙපැත්තට විහිදෝගෙන අස් දෙක පියාගෙන ටික වෙලාවක් හිටියේ මගෙ ඔලුවෙ තිබුන පීඩනේ මගෙ හරහා යන මුහුදු හුළඟට  ටික ටික ගහගෙන යද්දී.ඒ සැනසීම තිබුනේ ටික වෙලාවක් වෙනකොට මට අයියගෙන් කෝල් එකක් ආවා.ෆෝන් එක වැල්ලෙම බිමට අතෑරපු මම සපත්තු මේස් සීසීකඩ විසි කරලා රැල්ල පාගන්න ගියා.

සපත්තු අස්සෙ හිර වෙලා තිබුන මගෙ කකුල මුහුදු රැල්ල සිපගනිද්දී මට පුදුම තරම් සනීපයක් දැනුනා.මගෙ ආදරෙත් හරියට මුහුදු රැල්ල වගේ...රැල්ල කොච්චර වැල්ලේ නවතින්න හැදුවත් වැල්ල කවදාවත් රැල්ලට අයිති උනේ නෑනේ.

මං ඕවා මේවා හිත හිත තව ටිකක් ඉස්සරහට ගියා.දැන් වතුර තියෙන්නේ මගෙ දණ්හිස් ගාවට වෙනකොට රැල්ලක් මගෙ පැත්තට එද්දී මං පස්සට පැන්නා... ආයෙම මං ඉස්සරහ ගියා. ඒ පාර ලොකු රැල්ලක් ඇවිත් මගෙ පපුව හරියට වෙනකම් තෙමුනා. එන්න එන්න ඉස්සරහට එන රැලි ලොකුයි කියලා තේරුන හින්දා මං ටිකක් පස්සට යන්න ගියා.. මාව නිකම් පොලව යටින් ඇදීලා යනවා වගේ දැනෙද්දී මගේ ඔලුවටත් උඩින්‍ රැල්ලක් ආවා.පීනන්න දන්නේ නැති මං ගොඩට යන්න සෑහෙන්න ට්‍රයි කලා වුනත් නහයට ගිය ලුණු වතුර හින්දා මට හුස්ම ගන්න බැරි උනා.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ වෙලාවෙ මට හුස්ම ගන්න බැරි උනා කියලා විතරයි මතක කැස්සකුත් එක්ක මගෙ කටින් වතුර එලියට විසිවෙනකොට මං අමාරුවෙන් ඇස් ඇරියා. ඒත් ඇස් ඇරපු වෙලේ මං දැකපු  රූපේ හින්දා මට හිතුනා ඇත්තටම මාව මැරිලා ගියා නම් හොඳයි කියලා.

අයියා... මගෙ පපුවට අත් දෙක තියලා තද කරනවා. එයා හොඳටම තෙමිලා එයාගේ ඔලුවෙන් වතුර බිංදු වැක්කෙරෙනවා. එතකොට එයාද මාව බේරගත්තෙ? අනේ ඔය අත් දෙකෙන්ම මගේ බෙල්ල හිරකරලා මාව මරන්න කියලා මට අයියට කියන්න ඕනි උනත් ඒ වෙලාවේ කැස්ස ඇරෙන්න මට වෙන මොකුත් කතා කරගන්න බැරි උනා. අපි වටේ තව දෙන්නෙක් හිටියා .එයාලා අයියගේ මගුල් ගෙදරට ආපු උන් කියලා මට ඇඳන් ඉන්න සූට් වලින් තේරුනා.

BE MINE🖤 (Completed)Where stories live. Discover now