07. ඒලියන්

660 165 62
                                    

"වාව් ජිමින් මේක ඔයාගෙ ගෙදරද?"

ජන්කුක් කට ඇරගෙන ජීවිතෙටම ගෙදරක් දැකලා නෑ වගෙ අහනකොට ඔලුව වනපු ජිමින් ජන්කුක් එක්ක ඇතුලට ගියා.

ජන්කුක් ව ඇතුලට ගත්තා , අතේ බාම් මොනවා හරි ඉලුවා, දොට්ට දැම්මා බොහොම සරලයි. පහසුයි. ඒත් ජිමින්ගෙ ජීවිතය නම් හිතන තරම් සරල එකක් නෙවෙයි.



"බේබි" ජිමින් ගේ ඇතුලට ජන්කුක් එක්ක යනකොටම එතනට පාත් උනෙ සර්වන්ට් ඇන්ටි.

"කවුද අර සාලෙ වාඩි වෙලා ඉන්න බෝයි?. බේබි අඳුනනවාද?"

ඇය අහනකොට ජිමින් ඈ දිහා කට ඇරගෙන බලාගෙන හිටියා. ටිකක් වෙලා බලාගෙන හිටපු ජිමින් ලෝකෙ පෙරලගෙන ජන්කුක් වත් තල්ලු කරගෙන සාලෙට දුවගෙන යනකොට ජිමින්ගෙ ස්ලීපින් බියුටි පොත පෙරලගෙන කෝන්ස් කන ගමන් සැටියෙ වාඩි වෙලා හිටියෙ ටේහ්‍යුන්. ඒක දැක්කා විතරයි ජිමින්ගෙ අතෙ තිබුන බෑග්ස් ටික බිමට වැටුණා


"ටේහ්‍යුන්!!"

ජිමින් කෑ ගහනකොට ටේහ්‍යුන් ජිමින් දිහා බලලා දත් සෙට් එකම විරිත්තලා හිනා උනාම එයාගෙ දත් අස්සෙ රැඳිලා තිබුන කෝන්ස් වල අවශේෂ කොටස් පවා දිස් උනා.




"අයිෂ් මොකද කරන්නෙ? කොහොමද එලියට ආවේ"

ජිමින් ටේහ්‍යුන් ගෙ අතෙ තිබුන පොත උදුරලා අරගෙන ටේහ්‍යුන් ගෙ ඔලුවට පොතෙන් එකක් ගහනකොට තොල දෙක උල් කර ගත්ත ටේහ්‍යුන් බිම බලා ගත්තා.



"කම් හියර්"

අමාරුවෙන් ටේහ්‍යුන්ගෙ කනෙන් අල්ල ගත්ත ජිමින් ටේහ්‍යුන් ව බලේට ඇදගෙන යනකොට ටේහ්‍යුන් දෙකට නැවිලා ජිමින් එක්ක ඇදිළා ආවේ මොකුත් දන්නෙ නැති ජන්කුක්ත් ඒ දෙන්නා ගෙ පස්සෙන් ගාටනකොට.

__

විනාඩි දෙකක් යන්න කලින් ජිමින් ටේහ්‍යුන් ජන්කුක් තුන් දෙනා ජිමින්ගෙ රූම් එකෙ හිටගෙන හිටියා. ඒ තුන් දෙනාට ටිකක් මෙහායින් ටේහ්‍යුන් එලියට පැන්න නිසා අගුල කැඩුන දොරට ජිමින්ගෙ කන්නාඩි මේසෙ හේත්තු කරලා තිබුනා.



"යූ ඉඩියට්!! මම කිව්ව රූම් එක ඇතුළට වෙලා ඉන්න කියලා.. මයි ගෝඩ්"

My Soulmate Is An Alien | vmin ✓Where stories live. Discover now