"මගේ මොට්ටයෝ"
ජිමින් ටේහ්‍යුන්ගෙ කලු පාට කොන්ඩේ හිමීට ෂැම්පු කර කර හිටියා. ඇත්තටම ජිමින්ට හිතුනෙ එයාගෙ පිටසක්වල පෙම්වතා 'හත් අවුරුද්දකින් නාලා නෑ' කියලා. ඇත්තටම ටේහ්‍යුන් නානවා තියා නානවා කියන වචනෙ තේරුම වත් දන්නවා ද කියලා ජිමින්ට සැක හිතුනෙ ටේහ්‍යුන් ගෙ කොන්ඩෙ ඇතුළෙ තිබිලා චීස් බර්ගර් කෑලි පවා හම්බවෙනකොට.
බට් අපේ මෝචි බෝලෙ ගොඩක් ඉවසීමෙන් තමා එයාගෙ පිටසක්වල පැටියාව මේ නාවන්නෙ. මුලින්ම ඔලුවට යන්තම් නිවුන උණු වතුර දාලා හොඳට සෝදලා , ආයෙමත් බාත් ටබ් එක පුරවලා තමයි ටේහ්‍යුන් ගෙ කොන්ඩෙ සෝදන්න ගත්තෙ. දැන් නම් එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් බබා ලග සුවඳයි.
"මගෙ මොට්ටයෝ දඟලන්නෙ නැහැ හොඳ ළමයි. මෙහෙම මගෙ පපුවෙන් ඔලුව තියන් ඉන්නකො. ජිමින් සෝදන්නම්"
ජිමින් ටේහ්‍යුන් ව එයාගෙ පපුවට තුරුලු කර ගත්තම පිටසක්වල පැටියා ත් හොඳට හරි බරි ගැහිලා ජිමින් ගෙ පැත්තට හැරිලා ජිමින්ව තදම තද කරලා බදාගෙන ඇස් වහ ගත්තාම ජිමින් හිනා. ජිමින් ටේහ්‍යුන් ගෙ කොන්ඩෙ ෂේප් එකෙ ෂැම්පු කරලා සෝදලා කන්ඩිෂනර්ස් දිහා බැලුවා.
"මයි ගෝඩ්. ෂැම්පුයි කන්ඩිෂනරුයි ජාති දෙකක්. ජන්කුක් නම් පිටසක්වලයෙක්ම තමයි"
කන්ඩිෂනර් එක අරගෙන ජිමින් කීවා. ජිමින් කියන්නෙ හැමදෙයක් ගැනම සැලකිලිමත් වෙන , හරිම සෙන්සිටිව් බෝලයක්. ඉතින් කොහොමද එයා ෂැම්පුයි කන්ඩිෂනර් එකෙයි බ්‍රෑන්ඩ් එක ගැන විතරක් සැලකිලිමත් නොවෙන්නෙ. විශේෂයෙන්ම එයාගෙ චූටි පිටසක්වල බෝලෙගෙ කොන්ඩෙ සෝදද්දී...
"කන්ඩිෂනස් නොගෑවොත් කොන්ඩෙ ලස්සන වෙන්නෙත් නෑනෙ"
සුසුමක් හෙළපු ජිමින් කන්ඩිෂන්ර් එකෙන් චුට්ටක් අරගෙන අල්ලට දා ගත්තා. ඇක්චුවලි ඒ කන්ඩිසන්ස් දොඩම් සුවඳයි. කටට කෙල උනන ඔරේන්ජ් සුවඳට ජිමින්ට හේත්තු වෙලා හිටපු චූටි පිටසක්වල ජීවීයා ඉද්ද ගැහුවා වගෙ කෙලින් උනා.
"ඔරේන්ජ්!!"
පිටසක්වල පැටියා තොල් උල් කර කර ඔරේන්ජ් හොයන විදියට නම් ජිමින්ටත් හරි හිනා. ටේහ්‍යුන් ගෙ ඇස් ජිමින්ගෙ අතෙ තිබුනු කන්ඩිෂන්ර් තලියට යොමු වෙනකොට ජිමින් ඉක්මනට ටේහ්‍යුන් ගෙ කොන්ඩේ ඒවා ගෑවේ එයාගෙ පිටසක්වලයා , බඩගිනි පිටසක්වලයෙක් කියලා හොඳටම දන්න නිසා. තව ටිකක් වෙලා හිටියා නම් එයා ඒවා කටට දා ගන්නවා කියල ජිමින් දන්නවා.
CZYTASZ
My Soulmate Is An Alien | vmin ✓
Fanfiction" ඔයාගෙ ඇඟේ තියන බර්ත් මාක්ස් කියන්නෙ ගිය ආත්මේදී ඔයාගෙ සෝල්මේට් ඔයාව වැඩියෙන්ම කිස් කරපු තැන් " vmin love Vs vmin friendship Top Taehyung Bottom Jimin Started date - 08 December 2022 Completed - 06 April 2023