11. ගලවා ගැනීමේ මෙහෙයුම

464 139 34
                                    

ජිමින්ගෙ ඩැඩ් බිස්නස් ට්‍රිප් එක ඉවර වෙලා ගෙදර ආව නිසා ජිමින්ට ටේහ්‍යුන්ව ගෙදරින් පන්වන්න උනා. හෝව්... වැරදි අයිඩියා එකක් එහෙම ගන්න එපා. ජිමින් කොහොමද එයාගෙ පිටසක්වල පැටියව ගෙදරින් පන්වන්නෙ හිත හදාගෙන. ඇත්තටම මෙතන උනේ ජිමින් ටේහ්‍යුන්ට තාවකාලික ස්ථාන මාරුවක් ලබා දුන්නා.

ඇත්තටම මේක ලෝකෙ තියන භයානකම තීරණය කියලා ජිමින් කල්පනා කලා. පොඩි බබෙක් අතට න්‍යෂ්ටික බෝම්බයක් දෙන එක මීට වඩා ගොඩක් සේෆ්. බට් නෝ ඔප්ෂන්. සෝ ජිමින්ට උනෙ ටේහ්‍යුන්ව ජන්කුක් ගෙ ගෙදර තියා ගන්න කියලා ජන්කුක් ට භාර දෙන්න.

ජන්කුක් නම් එකපයින්ම මේකට කැමති. අනික ජන්කුක් ගෙ මමා උනත් ගොඩක් කරුණාවන්ත කෙනෙක් නිසා පිටසක්වල පැටියට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා ජිමින් දන්නවා. බට් පොයින්ට් එක ඒක නෙවෙයි. පරමාණුක බෝම්බ දෙකක් එක ගෙදර කිසිම ආරක්ෂාවක් නැතිව තියන්න ජිමින්ට සිද්ධ වෙන එක තමයි ප්‍රශ්නය. ගෝඩ් ඒක ටර්ම් ටෙස්ට් වලට ලකුණු අඩු වෙලා ඩැඩ්ගෙන් ගුටි කනවාටත් වඩා දස දහස් ගුණයක් ජිමින්ව බය කලා.

ජිමින් ටේහ්‍යුන්ව ගෙදරින් යැව්වෙ ටේහ්‍යුන්ටයි ජන්කුක් ටයි උපදෙස් මාලාවක් කන් දෙක පිරෙන්න නිකුත් කරලා උනත් දෙන්නාගෙන් එක්කෙනෙක් වත් ඒවා ඔලුවට ගත්තාද කියන එක නම් ජිමින්ට ටිකක් නෙවෙයි හොඳටෝම සැකයි.

___

"ජිමින් මෙහෙ එනවා"

ජිමින්ගෙ ඩැඩ් ජිමින්ට කෑ ගැහුවේ ජිමින් රූම් එකට වෙලා චිත්‍ර කතා පොතක් කියව කියව ඉන්නකොට. එක පාරට ම ගැස්සුන ජිමින් ඉක්මනට එයාගෙ චිත්‍ර කතා පොත ඇද යට හැංගුවා. ඒ කතාවේ තිබුණෙ එර්ත් එකෙ අතරමං වෙන චූටි ඒලියන් බබෙක් ගැන නිසා ටේහ්‍යුන් ව මතක් වෙලා ජිමින් ඒ වෙනකොට හොදටෝම අඩලා හිටියෙ. නහය හිමීට පිහදාගෙන කදුලු වයිප් කරපු ජිමින් ඉක්මනට පහලට දිව්වේ ජිමින්ගෙ ඩැඩ් ව බලන්න.



" මම නැති ටිකෙ හොදට පාඩම් කළාද?"

ඩැඩ් අහනකොට ජිමින් සර්වන්ට් ආන්ට් දිහා බලන් ගමන් ඔලුව වැනුවා. ජිමින් ආන්ට්ට, ඩැඩ්ට ටේහ්‍යුන් ගැන කියන්න එපා කියලා බැගෑපත් උනාට පස්සේ එයා ජිමින්ට ටේහ්‍යුන් ගැන වචනයක් වත් කියන්නෙ නැහැ කියලා පොරොන්දු වෙලා හිටියේ.

My Soulmate Is An Alien | vmin ✓Where stories live. Discover now