09. ආදරණීය වදකාරයා

540 155 49
                                    

"මම වැරැද්දක් කලාද?"

ටේහ්‍යුන් ඇස් දෙක බෝල කරගෙන ජිමින්ගෙන් අහනකොට ජිමින් ඔලුව කැහුවා. වැරැද්දක්. ඔව් බරපතල වැරැද්දක් තමයි. ඒත් අනවසරයෙන් සිප ගැනීම. පෘතුවි ජීවින්ට බරපතල වරදක් කියලා නොදන්න අසරණ ඒලියන් මොනවා කියලා කරන්නද?


"යස්! ඇයි මාව කිස් කලෙ? යූ නෝ. ඒ මගෙ ෆස්ට් කිස් එක"

ජිමින් ඉක්මනට බුම්මා ගන්නකොට පොල් ගහක් වගේ උස ඒලියන් එයාගෙ දුඹුරු පාට කොන්ඩෙ හයියෙන් කැසුවා. එයාට කොහෙත්ම මේ දේවල් වල බරපතලකමක් තේරෙන්නෙ නැහැ.



"බට්? වයි?? අපි ආදරය කරන අයව අපි කි"ස් කරනවා. එහෙම තමයි ටීවි එකෙ කිව්වෙ

ටේහ්‍යුන් තරහෙන් කියනකොට ජිමින් ට හිනා ගියා. එහෙනම් ටේහ්‍යුන් සේරම පටලවාගෙන. ආදරයෙ කෑලි ගොඩක් තියනවා නේ. අයි මීන් ආදරය කරන අයව කිස් කරන්න ඕනෙ තමයි. බට්... ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් බෝය් ෆ්‍රෙන්ඩ් කෙනෙක් අතර තියන ආදරයයි යාලුවො අතර තියන ආදරයයි වෙනස් නේ. ලිප් කිස් කියන්නෙ යාලුවො කරන්න ඕනෙ දෙයක් නෙවෙයි.කෙ
කොහෙත්ම නෑ.



"මෝඩ පිටසක්වලයා ටීවි බලනවා වැඩී. ඔව්! හොඳටෝම වැඩී. සේරම පටලවාගෙන සේරම පටලවාගෙන"

ජිමින් එයා දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්න ටේහ්‍යුන්ට ඇගිලි වලින් ඉස්සිලා පොල් ටොක්කක් ඇන්නාම ටේහ්‍යුන් මූණ බෙරි කරගෙන ඔලුව අත ගාන ගත්තා.



"ඇයි? අපි යාළුවෝ නෙ" ටේහ්‍යුන් මූණ බෙරි කරගෙන චෝදනා කලා.

"අනේ මෝඩ ඒලියන්. ඕකෙ ඕකෙ.. ඔයා මගෙ යාලුවා තමයි. බට් යාලුවෝ තොල් වලට කිස් දෙන්නෙ නැහැ ඕකෙ...?"

"ඇයි?".
ටේහ්‍යුන්ට ආයෙත් ප්‍රශ්නයක්.

"එහෙම තමයි!!"

ජිමින් කිව්වා ම ටේහ්‍යුන් ඔලුව වැනුවා. ටේහ්‍යුන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

අයි මීන් , රතු පාට ඇයි රතු පාට කියලා කවුරු හරි ඇහුවොත් ඔයාට උත්තරයක් තියනවාද? රතු පාට රතු පාටයි. එච්චර යි. එහෙම තමයි. දැන් සයන්ටිෆිකලි කියන්න එපා රතු පාට රතු පාට රිෆ්ලෙක්ට් කරන නිසා රතු පාටයි කියලා. ඇයි රතු පාටට කොල පාට රිෆ්ලෙක්ට් කරන්න බැරි උනෙ? මේ ලෝකෙ කොච්චර කලස් තියනවාද? ඇයි රතු පාටට රතු පාටය රිෆ්ලෙක්ට් කරන්න ඕනෙ උනෙ? එහෙම තමයි. එච්චර යි. මේකත් එහෙම තමයි. ආයෙ වෙන ප්‍රශ්න බෑ.

My Soulmate Is An Alien | vmin ✓Where stories live. Discover now