14. ඒලියන් ස්මට් 🔞

644 135 80
                                    

ඊට පස්සෙ සිද්ධ උන දේ කෙටියෙන් කීවොත් ටේහ්‍යුන් දුන්න ෂොට් ටිකට සතුරු හමුදාව නැති බංගස්තාන උනා. හියුන්ජින් ගෙයි යාලුවො සෙට් එකගෙයි අත පය උතුරු දකුණ නැගෙනහිර බටහිර දිශාවලට හිතුමතාපෙට හැරිලා තියනවා දැක්ක ජිමින්ට චුට්ටක් විතර හතුරා ගැන දුකත් හිතුනා.

අවසානයේ ජන්කුක් ටේහ්‍යුන් , ජිමින් තුන් දෙනා මද්දුම බණ්ඩාරව මරන්න යනකොට පැනලා ශ්‍රී වික්‍රම රාජසිංහගෙ බෙල්ල කැපුවා වගේ ගොඩක් ආඩම්බරයෙන් තමා එතනින් ආවා. ජිමින් නම් සීයට දෙසීයක් විතර ෂුවර් එකක් තිබ්බා ආයෙ හියුන්ජින්ගෙන් කරදරයක් නෑ කියලා.

Flashback ends.

ජන්කුක් ට ගේම්ස් ගහන්න ඕනෙ කිව්ව හින්දා වගේම ඒ වෙනකොට ගොඩක් රෑ වෙලා තිබුන නිසා ජිමිනුයි ටේහ්‍යුනුයි දෙන්නම එයාලගෙ කාමරේට ගියා. කාමරේට ගිහිල්ලා ඇඳ උඩට පැන්න පිටසක්වල හොරගෙඩියා චූටි මෝචි බෝලෙ ජිමින්ව තද කරලා වෙලා ගත්තාම බෝලෙත් එයාව බදා ගත්තා. දෙන්නා ම රතු වෙලා හුස්ම ගන්න බැරි වෙනකම් හග් කරලා අවසානයේ ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවා.

"ජිමින් අපි බඳිමු"

ටේහ්‍යුන් තොල් උල් කර අහනකොට ජිමින්ට හිනා ගියා. ටේහ්‍යුන්ට අමුතු අමුතු අයිඩියාස් පහල වෙන්නෙ හිටි හැටියේම තමා. ඒ අදහස් නම් මොන ලෝකෙන් ටේහ්‍යුන් ගෙ ඔලුවට හදිස්සියේම කඩා පාත් වෙනවද කියලා ජිමින්ට ලොකු අයිඩියා එකක් නෑ. සමහර විට ටේහ්‍යුන්ගෙ පරණ ග්‍රහලෝකෙ ඉන්න හොල්මනක් ටේහ්‍යුන් ගෙ ඔලුවට පාත් කරන අදහස් වෙන්න ඇති.


"බඳින්න? කොහොමද?"

ජිමින් ටේහ්‍යුන් ගෙ පිටසක්වල කම්මුල් මිරිකුවාම ටේහ්‍යුන් වට පිට බැලුවා. එයාලගෙ බෙඩ් එක ගාව තියන මේසෙ උඩ තිබ්බ චූටි පින්ක් කලර් රබර් බෑන්ඩ් එක පෙන්නුව ටේහ්‍යුන් බඩගාගෙන ගිහින් ඒක අතට ගත්තා.

අතට අරගෙන ආයෙමත් ජිමින් ගාවට ගියපු පිටසක්වල පැටියා ජිමින්ගෙ රින්ග් ෆින්ගර් එකට රබර් පටිය දාලා එයාගෙ තොල් වලට චූටිම චූටි පිටසක්වල හාදුවක් දීලා බිම බලා ගත්තා.


"ප්‍රින්ස් ප්‍රින්සස් ව බැන්දා"

ටේහ්‍යුන් බිම බලාගෙන කියනකොට ජිමින්ට නම් හරි හිනා. ජිමින් ටේහ්‍යුන් ව බදාගෙනම ටේහ්‍යුන්ව ඇඳේ පෙරලගෙන ටේහ්‍යුන් ගෙ බෝල මාෂ්මෙලො බණ්ඩිය උඩ ඔලුව තියාගත්තා.


My Soulmate Is An Alien | vmin ✓Where stories live. Discover now