19. රවුම් බණ්ඩිය

543 138 122
                                    

ටේටේ චූටි පිටසක්වල පැටියා
චිමී අහිංසක මෝචි බෝල්
කුකී වල් ඉඟුරු විස්කෝතුව
ජුනී ඉඟුරු විස්කෝතුවගෙ බෝයි ෆ්‍රෙන්ඩ්

මේ හතර දෙනයි ජිමින්ගෙ ඩඩායි ජන්කුක් ගෙ මමායි එක ගෙදරට එකතු වෙලා හිටියේ. මෙයාලගෙ පුංචි පාර්ටි එකට. ඇත්තට කීවොත් මේක සංවත්සර.. එහෙමත් කියනවාද දන්නෑ... ඒත් ජිමින්ගෙ චූටි බන්ඩියට පිටසක්වල බබෙක් ඇවිල්ලා හරියටම මාස පහයක්. මේක ගාර්ලික් පීසායි පෙප්සියි බොන ගමන් සමරන්න හොඳ දෙයක් නෙවෙයිද ඇත්තටම.

අපෙ චූටි පිටසක්වල පැටියා ජන්කුක් කිව්ව විදියටම එදා රෑ හනි මූන් එකෙදී වැඩේ කලාට පස්සෙ හරියටම මාස භාගයක් ගත වෙන්නත් කලින් එයාලට ප්‍රතිපල දැනගන්න හම්බුනා. ඒ ජිමින් චූටි පිටසක්වල බබෙක් එයාගෙ ෆ්ලෆී බන්ඩිය ඇතුළෙ තියාගෙන ඉන්නවා කියලා.

ජන්කුක් ගෙ අන්කල් කෙනෙක් වීමේ සිහිනයත් ඒ විදියට තමයි හැබෑ උනේ.

අද එයාලා නිදහසෙ පරණ චිත්‍රපටියක් බලන ගමන් ගාර්ලික් පීසා කනවා. ටේහ්‍යුන් බබා එයාගෙ මොචී ගෙ ලොකු උන බණ්ඩිය අත ගගා එයාගෙ පපුව උඩින් ඔලුව තියාගෙන. ජන්කුක්ත් මොචීගෙ ඔඩෙක්කුව උඩින් ඔලුව තියාගෙන එයාගෙ බන්ඩිය කිති කවනවා. ඒ දෙන්නට ඊට වඩා දෙයක් නැහැ ඉතින්.

"දැන් මටත් වඩා චූටි බබා තමා ලොකු ඔයාට"

ජිමින් ටේහ්‍යුන්ගෙ කන මිරුකුවාම එයා ඇස් දෙක බෝල කරගෙන කට බෙරි කර ගත්තා. ජන්කුක්ට නම් ඒ ගානකුත් නෑ. එයා චූටි පිටසක්වල බබත් එක්ක කතා කරන්න බිසී වෙලා.

"හරි ඉතින්. අඩන්න වගේ බලන්න එපා මගෙ මොට්ටයො"

ජිමින් කියනකොට ටේටේ තොල් දෙක උල් කරගෙන එයාගෙ කම්මුලට තට්ටුවක් දැම්මා.

"එහෙනම් කිෂ් එකක ඕනෙ ටේටේ ට"

පිටසක්වල පැටියා කම්ප්ලේන් කරනකොට ජිමිනුත් කට පුරවලා ලොකුම ලොකු කිෂ් එකක් ටේහ්‍යුන්ගෙ කම්මුල උඩින් තිබ්බාම තමයි ටේහ්‍යුන් ගෙ මූණෙ හිනායක් ඇඳුනෙ.

"එක පැත්තකට විතරක් කිස් එකක් දුන්නම බැලන්ස් වෙන්නෑ. අනිත් පැත්තටත් ඕනෙ"

My Soulmate Is An Alien | vmin ✓Donde viven las historias. Descúbrelo ahora