08. ඩ්‍රන්ක් ඒලියන්

552 160 76
                                    

සතියකුත් ගෙවිලා. වෙච්චි දේවල් ජිමින් ට දිරවා ගන්න ලේසි නෑ. කොහොම හිතන්නද මේ සුදු පාට උස කොල්ලා ඒලියන් කෙනෙක් කියලා. බට් ... එයා එයාලගෙ භාෂාවයි අකුරුයි හැම දේම සතියක් ඇතුලත ඉගෙන ගත්ත විදියට නම් මේ මනුස්සයා එර්ත් එකෙ කෙනෙක් නම් වෙන්න ටිකක් අමාරුයි කියලා ජිමින් පිලි ගත්තා.

ටේහ්‍යුන් කිව්ව විදියට එයාලගෙ මදර් ප්ලැනට් එක විනාශ උන නිසා ටික කාලයක් එයාලා අභ්‍යාවකාශයෙ ඉඳලා තියනවා. පස්සෙ එයාලව තෝරා ගත්ත වෙන වෙන ලෝක වලට ඇරලවලා තියනවා. ඇත්තටම මේක බොහොම භායානක කාරණයක් කියලයි ජිමින්ට නම් හිතුනෙ. මම අහන්නෙ අපි දන්නෙ නැතිව අපේ ඇස් වහලා කීයක් පිටසක්වලයො අපි අතරම ඇතිද?

අනික භයානක ම කාරණය ජන්කුක් ඇන් ටේහ්‍යුන් ගෙ ෆෙන්ඩ්ෂිප් එක. එක වගේ අය එකට හමුවෙනවා කියන කරුණ තවත් ප්රූ කරමින් ජන්කුක් ටේහ්‍යුන් හොඳම යාලුවෝ උනෙ ජිමින්ව තවත් බය කරලා.  මේක නිකන් පෙට්‍රල් කෑන් එකක් ලග ගිනි කූරක් තියනවාටත් වඩා භයානකයි. මේ දෙන්නා නිසා කොයි වෙලාවෙ පුපුරයිද කියළා තමයි ජිමින් බයෙන් ඉන්නේ.

"ගෝඩ්.. කෝ මේ දෙන්නා"

අදත් ජන්කුක් එක්ක රවුම් ගහන්න ගියපු ටේහ්‍යුන් තාමත් නැති නිසා ජිමින් එයාගෙ ගෙදර ලොකු පුටුව උඩට වෙලා වාඩි වෙලා හිටියෙ සර්වන්ස්ළා පවා නිදාගෙන ඉන්න යක්කු ගස්වලින් බහින රෑ ජාමේ. ජිමින්ගෙ ඇස් හිමීට පියවීගෙන එනකොට දොර හිමීට ඇරෙන කිරි කිරි හඩ ජිමින්ට ඇහුනා.

"ආආ දැන්ද ලොකු මහත්වරු දෙන්නා එන්නෙ?"

ජිමින් නැගිට්ටෙ කරට අත් දෙක දාගෙන වැනි වැනි එන ජන්කුක් ඇන් ටේහ්‍යුන් දිහා බලන ගමන්. පේන විදියට නම් ඒ දෙන්නාට තදටම වැදිලා. ඒ විතරක් නම් මදෑ. ටේහ්‍යුන් ගෙ දකුනු කකුලේ ටොයිලට් බාල්දියක් හිරවෙලා. ඒ බිමට වැදෙන කොට ඇහෙන්නෙ ඩොක් ඩොක් සද්දයක්.

"නිකන් කකුල - බාල්දි කකුල
නිකන් කකුල - බාල්දි කකුල "

ටේහ්‍යුන් කකුල් මාරුවෙන් මාරුවට තියන ගමන් තාලෙට කියන සින්දුව ගැන වැඩියෙ හිතන්නෙ නැතිව ඉන්න ජිමින් තීරණය කලා.

My Soulmate Is An Alien | vmin ✓Donde viven las historias. Descúbrelo ahora