"ජන්කුක් හිතනවද? ජන්කුක්ට තවත් වයස තියනවා කියලා."
එක්දාස් නවසීය පනස් දෙකේ උපත ලැබූ ඉතාලි ජාතික කලාකරු ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් වුණු මොනාලිසාගෙ පෞරාණික චිත්රයක් පහු කරගෙන ජන්කුක් ඇවිදගෙන ගියෙ එයාගෙ ප්රධාන ආරක්ෂකයා නොහොත් ළඟම හිතවතා එක්කයි.
"තවම තිස් පහ ලැබුවෙත් නැහැ. චැප්ලින්ට හිතෙන්නෙ නැද්ද මම තරුණ වැඩි බව?"
තවත් ඉදිරියට ඇවිදින අතරෙදි ආන්ජෙලෝ මාලිගයට අයිති විශාල කෑම කාමරයෙ ලියනාඩෝ ශිල්පියාම නිම කෙරූ අන්තිම රාත්රී බෝජනය සිතුවම බිත්තියෙ පැති දෙකක්ම වහගෙන තිබුනා. ජන්කුක් ඕනවටත් වඩා අගය කරන දෙයක් තිබුනා නම්, ලියනාඩෝ ශිල්පියාගෙ සිතුවම් විතරමයි.
"ජන්කුක් කඩවසම් බව ඇත්ත. නමුත් රජතුමාගෙ අභාවයට පෙර මේ දේවල් පිළිවෙලක් වෙන්න එපෑයැ."
චැප්ලින්ගෙ මුහුණ මද සිනහවකින් පිරුණා. ජන්කුක්ගෙ කඩවසම් බව ගැන ඔහු අතිශය තෘප්තිමත් බව මාලිගාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ජන්කුක්ට ගැලපෙනවයි කියලා හිතෙන කෙනෙක් තවමත් මුණ නොගැහුනේ මේ හේතුව නිසාමයි.
"බලමු."
♡♡