"කුමාරයා මට බනීවිද?"
ටේහ්‍යුන්ග් චැප්ලින් පසුපස යන්නෙ විනාඩි දහයක ඉඳලා. අම්මාට කාමරය පෙන්නලා ටේහ්‍යුන්ග්ගෙ බඩු වලටත් එතනම නවාතැන් දුන්නෙ ජන්කුක් චැප්ලින්ට එහෙම කරන්න අණ දුන්නු නිසයි.
"මොනවටද?"
ටේහ්‍යුන්ග්ට වෙනම කාමරයක් දෙන එක චැප්ලින්ගෙ අදහස උනත් ජන්කුක්ගෙ අදහස උනේ නොබෝ දිනකින් විවාහ උනාම ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ කාමරයට මාරු වෙන්න අවශ්‍ය වෙන නිසා දැනට අම්මා එක්ක ඉන්න පුළුවන් බව විතරමයි.
"එයා නපුරුයි නේ?"
"කවුද කිව්වේ?"
"මම අහලා තියනවා."
ටේහ්‍යුන්ග් නොනවත්වාම ජන්කුක් ගැන ප්‍රශ්න අහමිනුයි හිටියෙ. අනාගත සැමියා ගැන එයා කුතුහලයෙන් වගේ. කුමාරයා උනත් ටේහ්‍යුන්ග් විවාහ වෙන්න යන්නෙ පළවෙනි වතාවට පෙර දිනයෙ මුණගැහුනු කෙනෙක් එක්ක කියන එක අමතක කරන්න නරකයි.
"අහපු පමණින් විශ්වාස කරන්න එපා ටේහ්‍යුන්ග්. කුමාරයා හරි විහිළුකාරයා."
චැප්ලින් අන්තිමේදි ඇවිත් මේ වෙනකල් එයාලා පහු කරපු කාමර සියල්ලටම වඩා විශාල දොරක් ළඟ නතර උනා.
"හොඳයි."
"ඇතුලට යන්න."
♡♡