♡ 08

36 8 3
                                    

"පැණි හඳේ යන්නෙ නැද්ද ජන්කුක්?"

චැප්ලින් කට පුරා හිනා වෙලා ජන්කුක්ට තට්ටුවක් දැම්මේ ජන්කුක්වත් හිනස්සන ගමන්මයි.

තවම අභිෂේක උත්සවය නොපැවත්වූවත් ජන්කුක්ගෙ සහ ටේහ්‍යුන්ග්ගෙ විවාහ උත්සවය එයාලා පොඩියට අරගෙන තිබුනෙ අභිෂේක වීමට පෙර විවාහක යුවළ අතර හොඳ සම්බන්ධයක් තිබීම වැදගත් නිසා වෙන්න ඕන.

ජන්කුක්ට කොහෙත්ම හදිස්සියක් තිබුනෙ නෑ, අනිවාර්යයෙන්ම.

"අප්පාව තනි කරලා යන්න හිත දෙන්නෙ නෑ චැප්ලින්. කොහේ ගියත් කෙරෙන්නෙ එකම කාර්යය නෙවැ."

ජන්කුක් වයින් වීදුරු දෙකට සමානව බෙදුවා. ටිකක් හරි අඩු උනොත් චැප්ලින්ගෙන් බේරුමක් වෙන්නෙ නෑ.

"හොඳයි. ජන්කුක් අහවල් සිතුවම් ටික අස් කලා නම් තමා හොඳ."

චැප්ලින් ජන්කුක්ගෙ කාමරයට යන ශාලාව දිගට සිතුවම් කල නිරුවත් රූප මතක් කරමින් හිනාවක් දැම්මා.

"තව ටිකක් පහු වෙලා චැප්ලින්ට මතක් කරන්න තිබුනෙ."

ජන්කුක් අමුතුම තාලෙකට දුවගෙන ගියෙ කවදාවත් දුවලා නැති නිශ්ශබ්ද මාලිගාව ජන්කුක්ගෙ අඩි වලින් පුරවන ගමන්. චැප්ලින්ට හිනා නොවී පුළුවන්ද? 

~ අදින් පස්සෙ ටේහ්‍යුන්ග්ගෙ නිරුවත ඇඳගන්නෙ නැතෑ. කාමර බිත්‍ති පිරෙන්නම! 

♡♡

ᴀɴʏᴏɴᴇ • ᴛᴀᴇᴋᴏᴏᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ] Where stories live. Discover now