"තවත් මේක අල්ලගෙන ඉන්න අපහසුයි ජන්කුක්. මට යන්න දෙන්න. ඔයා පිළිවෙලක් වෙන්න."
රජතුමා අමාරුවෙන් ගැටගහගත්තු වචන ටිකකට පස්සෙ ආයෙමත් නින්දට වැටුනා. ජන්කුක්ගෙ මුණෙ ඉරියව් වෙනස් වුනේ හරි ඉක්මනට.
"හොඳයි."
.
.
.
."රජතුමා මොනවද කිව්වේ ජන්කුක්ට?"
ජන්කුක් දොරින් එළියට එනකොට මග බලාගෙන හිටපු චැප්ලින් ප්රශ්නයක් යොමු කලා. ජන්කුක්ට කලින් රජතුමා කතා කලේ චැප්ලින්ට බව ජන්කුක් දන්නවනම්-
"හෙටම මාලිගාවට ගෙන්නන්න, රජ පවුලට නෑකම් නොකියන කඩවසම් හැමෝවම."
ජන්කුක්ට මතක ඇති කාලයක ඉඳලම ඕන වුනේ රාජ්ය උරුමකම් ඇති උද්දච්ච පුද්ගලයෙක්ට වඩා ගම තුල ජීවත් වෙන අවංක, නිහතමානී කෙනෙක් තමන්ගේ සහායකයා විදියට පත් කරගන්න.
"කඩවසම්? පිරිමිද?"
චැප්ලින් හිටි තැන නැවතිලා කෑගහනකොට ජන්කුක් ඔලුව වනලා ශාලාව මැදින් ඇවිදගෙන ගියා. මේක ජන්කුක්ගෙ තේරීම ප්රසිද්ධ වෙන පළවෙනි අවස්ථාව වේවි. අඩුම චැප්ලින් දැනගත්තෙත් දැන් වෙනකොට අනික් අය ගැන හිතන්න ඕන වෙන්නෙ නෑ.
~ මේක අමුතු පහේ ආරාධනාවක් වෙන්නයි යන්නෙ..
♡♡