"ඊළඟ.."
මේක හරිම කම්මැලි වීගෙනයි එන්නේ. චැප්ලින්ට දැනටම නිදිමතයි. විසි දෙනෙකුට වඩා ජන්කුක්ගෙ කකුලට සපත්තුව දැම්මත් එකක්වත් ප්රමාණවත් උනේ නෑ.
සමහරවිට, සපත්තු තේරීම වෙනුවෙන් පිරිමින්ට අවස්ථාව ලැබුනු පළවෙනි වතාව මේක නිසා වෙන්න පුළුවන්.
ජන්කුක්ට ඕන කලේ හොඳම කෙනා. හොඳම ගැලපීම.
"ඊළඟ.."
තඹ පාට කොණ්ඩයකට හිමිකම් කියන තරුණයෙක් ජන්කුක් ඉස්සරහ දණ නැමුවා. පහු වෙමින් තිබුනෙ එයාගෙ වාරය. ජන්කුක්ට ඕන තරමටත් වඩා කඩවසම් පුද්ගලයෙක් උනත් තමන්ට වඩා උස බවක් ජන්කුක්ට නොදැනුනා නෙමෙයි. නමුත් ඉඳගෙන ඉන්න පුටුවට පින් සිද්ධ වෙන්න ජන්කුක් කොටයි කියලා පෙනුනේ නෑ.
.
.
.ප්රමාණය ගැලපුනා. මාලිගාව තුළ පැවතුණු තදබල නිශ්ශබ්දතාවය අතුරුදහන් උනා. ජන්කුක්ට සතුටුයි. පිරිස අතරින් කඩවසම් බව පෙනුන එකම පුද්ගලයා නිවැරදිම සපත්තු කුට්ටම ගෙනාපු එක ගැන. නමුත් එයාට ඕන වුණේ නෑ එයාගේ සතුට පෙන්නන්න. විශාල සෙනගක් ඉස්සරහ.
මිනිස්සුන්ට අනුව, ජන්කුක් ගොඩක් තද ගතිගුණ තියෙන අනාගත පාලකයෙක්. සමහරු ජන්කුක් පත්වෙනවටත් බය උනා.
"නම?"
"ටේහ්යුන්හ්, කුමරුනි."
"වයස?"
"විසි හතරයි, කුමරුනි."
"පවුල?"
"අම්මා විතරයි, කුමරුනි."
"හෙටම මාලිගාවට මාරු වෙන්න පුළුවන්. දෙන්නාටම."
♡♡