පුහුණුවීම් ඉවර වෙද්දි රැ 8 ත් පහු වෙලා
හොද පන ගියා..."ශාන් පුතා කොස්ටියුම් එක බැලුවා නේද?"
Mr.චෝයි ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න හොදම මනුස්සයා කිසිම ලොකු කමක් නැ
අනික පුදුමාකාර මනුස්සකමක් තියෙන කෙනෙක්
කට පුරාම පුතා කියලා කතා කරන එකම කෙනාTraining වෙන කාලේ ඉදලම ආදරෙන් සලකපු මනුස්සයා තාත්තෙක් නැති මට තාත්තෙක්ගේ සෙනෙහස පොඩි කාලෙයකට හරි ලැබුනේ චොයි සර්ගේ ලගින්
" ඔව් සර්"
" ම්ම් හරි එහෙනම් යමු මම ඇරලවන්නම් හෙට ඉදන් ඉතින් ට්‍රාන්ස්පෝට් ලැබෙනවනේ අදට විතරක් මා එක්ක යන් හෙටින් පස්සේ කොල්ලට අපි එක්ක කතා කරන්නවත් වෙලාවක් නැති වෙයි"
" අනේ සර් එහෙම කියන්න එපා මම කවදාවත් මුල අමතක කරන්නැ"
" දන්නවා පුතා , උබ දුක දන්නවා කොල්ලෝ වරදින්නැ කවදාවත්.."
මගේ උරහිසට තට්ටුවක් දාලා චොයි සර් එහෙම කියද්දි
ඒ වචන වුනත් මට ලොකු හයියක් වුනාපාකින් එකට එද්දිම මගේ නෙත ගැටුනේ කාර් එකේ බොනට් එකට හේත්තු වෙලා ඉන්න යීබෝව
කෝල් එකක වගේ.. අනේ මන්දා තාමත් මාස්ක් එක දාගෙන කොහොම ඉන්නවද මන්දා ඕක දාගෙන
චොයි සර්ව දැක්ක සැනින් ඒයා හිස යන්තන් පහත් කරලා එක අතක් වැනුවා..
චොයි සරුත් හිනාවෙලා ඒයාට ඒහා පැත්තේ තිබ්බ කාර් එක ලගට ගියා
මට ඒයා දිහා බලන්න උවමනාවක් තිබ්බත් ඒ ඇස් දිහා බලන්න තරන් හයියක් නැ..මමත් ඉක්මනට චොයි සර්ගේ කාර් එකට නැගගත්තා
ටික දුරක් යනකල් තිබුන නිහැඩියාව බිදිමින් චොයි සර් කතා කරා
" පුතා දැන් බඩු ලෑස්තිද , උදෙන්ම එපාට්මන්ට් එකට යනවා නේ?"
" ඔව් සර් උදෙන්ම යනවා රැටනේ Tv show එක තියෙන්නේ"
" හ්ම් ඒක හොදයි.. මොනවා උනත් හෙට පටන් ගන්න ගමන හිමින් සිරුවේ පරිස්සමට ඇදගෙන යන්න පුතා
හිතන තරන් ගමන ලේසි නැ ඒත් වැටෙන්න එපා
හෙණ ගැහුවත් ආයෙත් නැගිටින්න පුලුවන් තත්වෙකට හිත හයිය කරගන්න"
YOU ARE READING
Sƚαყ Wιƚԋ Mҽ [Complete FF]
Fanfiction˜"*°•.˜"*°• Stay With Me •°*"˜.•°*"˜ හදින්ම දිව්රමි.. ලෙයින් ලියා දෙමි.. සසර පුරා.. මගේ ඔයා.. මගේ කතාවේ.. පණයි ඔයා.. 💚❤️ ❤️💚