(28) අවස්තාවක්

487 75 3
                                    

පැය ගානකට පස්සේ ආයෙත් බෙයිජින් වලට ආපු මම අපාට්මන්ට් එකට නොයා කෙලින්ම පිටත්වුනේ ළමා නිවාසෙට

"දෙවියනේ මගෙ දරුවෝ....ඔයා නොකියම ඇවිත්"

"මගෙ ලිලී කෙල්ලේ.."

ඔෆිස් රුම් එකෙන් එළියට යන්න ආපු ලිලී මැඩම් දොර ලග ඉන්න මාව දැකලා පුදුමෙන් කෑ ගහද්දි මම පැනලා එයාව බදාගත්තා

"මොකද මගෙ දරුවෝ මේ..."

මෙච්චර වෙලා හිර කරන් උහුලන් හිටපු හැමවේදනාවක්ම කදුලු වෙලා ලිලී මැඩම්ගේ උරහිස තෙමද්දි මාව එයාගේ තුරුලෙන් ඈත් කරපු එයා කලබලෙන් මගේ කම්මුල් දිගේ රුටන කදුලු දැකලා ඇහුවා

"මට පාලු හිතුනනේ මගේ ලිලී කෙල්ල නොදැක ඒකයි මේ සතුටු කදුලු"

"අනේ මගෙ දරුවෝ මටත් හැම වෙලාවකම මතක් වෙනවා මගෙ මේ හුරතලේව ඒත් ඉතින් දරුවෝ මට එන්න විදියකුත් නැනේ"

"හරි දැන් මම ආවනේ ඔන්න ඉතින් දවස් තුනක්ම හිතේ හැටියට මම වද දෙනවා හොදේ"

"ඇයි දරුවෝ හදිස්සියේම කරදරයක් නැනේද ආ"

"ඔය ඉතින් ඕකනේ බැරි හොදේ..ලැබුන නිවාඩුවේ මෙයාව බලන්න ආවම මෙයා කියන කතා බලහන්කෝ.."

"හනේ හනේ තාමත් පරන ගති අතැරලා නැනේ... යන් යන් ඔයාගේ කාමරේ ඒ විදියටම තියෙනවා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න මම කෑම ලෑස්ති කරන්නම්කෝ..."

"හාම්.."

ලිලී මැඩම් එක්කම කාමරේට ලගට ආපු මම එයා කිචන් එක පැත්තට නොපෙනී යනකල් බලන් ඉදලා කාමරේට ආවා...
කිව්වත් වගේ කිසි වෙනසක් නැ කාමරේ මම යද්දි තිබ්බ විදියමයි..

ඇදෙන් වාඩිවුන මම බෝට ආවා කියන්න කෝල් කරත් දෙතුන් පාරක් ගත්තත් එයා ආන්සර් නොකරද්දි එයා practice වෙන්න ඇති හිතපු මම මැසේජ් එකක් දාලා එහෙම්මම ඇදුමකුත් අරන් බාත් රුම් එකට ආවා....ලිලී මැඩම් ලග අඩන්න බැරිවුන මම වතුරටම කදුලු දියවෙලා යන්න දිලා ඇති වෙනකල් ඇඩුවා

දවල්ට කාලා ඉවර වෙලත් එයාගෙන් පනිවිඩයක් නැති වෙද්දි මම ගාඩන් එකට ඇවිත් ඩොක්ට යැන්සි දුන්න නම්බර් එකට කෝල් එකක් ගත්තා

 Sƚαყ Wιƚԋ Mҽ  [Complete FF]Where stories live. Discover now