ජීවිතේ අපිට මොනතරම් දේවල් අහිමි වුනත්
දවසක ඒ අහිමිවුන හැමදේටම වඩා වඩින දෙයක් අනිවාරෙන්ම අපේ ජීවිතේට ලැබෙනවා...මම ඒක ගොඩක්ම විශ්වාස කරනවාමොකද ඉපදුන දවසේ ඉදන්ම මව් සෙනෙහසක් පිය සෙනෙහසක් නොලබපු මට අද වෙද්දි අම්මෙක් තාත්තෙක් වගේම ආදරේ දෙන්න පුලුවන් ආදරවන්තයෙක් ජීවන සහකාරයෙක් ලැබිලා තියෙනවා
කලින් මම කොයි තරන්නම් මම අවාසවන්තයි කියලා හිතුවත් මට දැන් ඒ දේවල් වැරදියි කියලා තේරුනේ යිබෝව හම්බවුන මුල්ම දවසෙයි...මට හිතෙන්නේ මේ ලොකේ ඉන්න වාසනාවන්තම කෙනා මම වෙන්න ඇති මේ තරම් ආදරයක් ලබන්න... මගේ බෝබෝගේ ආදරෙත් තනිකරම දවසින් දවස වැඩි වෙන වතුරු උණන උල්පතක් වගෙයි...මට මේ ආදරේ සදාකාලිකවම විදින්න වාසනාව තිබුනත් නැතත් මම එයත් එක්ක මේ ගෙවන හැම තත්පරයක් පසාම උපරිමෙන් මගේ ජීවිතේ විදින්න උත්සාහ කරනවා ඒ වගේම මට පුලුවන්තරන් එයාට ආදරේ කරන්නත්...
"බෝ බෝ ඔයාට හොදටම විශ්වාසද ඔයාගේ මේ තීරණේ ගැන"
මම එහෙම ඇහුවේ එයාගේ ෆුල් සූට් එකේ බෝව් එක හදන ගමන්
"ඇයි ඔයා අකමැතිද බනී මාව කසාද බදින්න?"
මම එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවත් මට ආපස්සට උත්තරයක් වෙනුවට ප්‍රශ්නයක්ම ලැබෙද්දි මම ඒ ඇස් දිහාම බැලුවා
"කොල කෑල්ලකට බෑ බෝ අපේ සම්බන්දේ තීරණේ කරන්න කසාද සහාතිකේ ඇතා හෝ නැතා ඔයාට ආදරෙයි කිව්ව මොහොතෙම මම සදහටම ඔයාගේ වෙලා ඉවරයි"
"ඒක ඇත්ත මැණික ඒත් මට ඕන මුලු ලෝකෙටම කියන්න ඔප්පු කරන්න අපි අපේමයි කියලා...වස්තුව මම උබට ආදරේ කරන්න ගත්තේ අතාරින්න හිතාගෙන නෙවෙයි අවසාන හුස්ම පොද වෙනකල්ම ලගින්ම ඉන්න.."
"මම ආදරෙයි මගෙ බෝ බෝ....මම හරි ලෝබයි ඔයාගේ ආදරේට........කවදම හරි
මම ප්‍රාර්ථනා කරන්නේ ඔයාට කලින් මගෙ ඇස් පියවෙන්න කියලා මොකද මට බැරිවෙයි දරාගන්න""ෂ්ෂ්.....මොනවද මේ කියවන්නේ ම්ම් හිතුවද මට ඔයාව නැතුව හුස්ම ගන්න පුලුවන් වෙයි කියලා.."
"මම ආදරෙයිනේ මගේ ඉබි මහත්තයට"
මම ඒ පපුවට හාදුවක් තියලා ඒ බෝල කම්මුලක් එබෙන්නම තවත් හාදුවක් දුන්නා
YOU ARE READING
Sƚαყ Wιƚԋ Mҽ [Complete FF]
Fanfiction˜"*°•.˜"*°• Stay With Me •°*"˜.•°*"˜ හදින්ම දිව්රමි.. ලෙයින් ලියා දෙමි.. සසර පුරා.. මගේ ඔයා.. මගේ කතාවේ.. පණයි ඔයා.. 💚❤️ ❤️💚