"ඔයා දැන් මම කියන ඕනම දෙයක් කරන්න ඕන බනී..."
"බෝ මොනවද මම කරන්න ඕන"
මොනවා වුනත් දැන් එයානේ දිනුවේ ඉතින් හිත හදාගෙන පරාජය බාරගෙන මම වැඩ්ඩා වගේ ඇහුවා මොනවද කරන්න ඕන කියලා
මොකද මම දන්නවා කවමදාවත් එයා මට රිද්දන දෙයක්වත් මාව අපහසුතාවයට පත් වෙන දෙයක්වත් කරන්නැ කියලා මොකද මට මටත් වඩා එයාව විශ්වාසයි... දන්නැ ඒ ඇයි කියලනම් සමහර විට ඒ මම බෝට ආදරේ නිසා වෙන්න ඇති ආදරේ කරද්දි අනිවාරෙන්ම එතන විශ්වාසය තියෙන්න ඕන නැත්තන් විශ්වාසය නැති තැන බැදීමක් රදාපවතින්නැ
"ඔයාට පුලුවන්ද මට ආදරේ කරන්න බනී "
"බෝ......"
මට ඇහුන වැරදිවත්ද....
මට පිස්සු හැදිලවත්ද මට මේ මොනවද ඇහෙන්නේමට අදහගන්න බැරිවුනා බෝගේ කටින් පිටවෙච්ච වචන ගැන
පුදුමෙන් මම එයා දිහා බලාගෙන ඉද්දි මගෙ ලගට අපු බෝ මගෙ අත් දෙකම ඒ අත් අතරට හිරකරගෙන මගේ ඇස් දිහාම එක එල්ලෙන් බලන් උන්නාමට ඒ ඇස්වලින් පෙනුනේ තනිකරම ආදරයක් විතරයි
ඒ කියන්නේ මම ඒ මට ඇහුන වචන විශ්වාස කරාට කමක් නැද්දමම තව තවත් ඒ ඇස් අස්සේ හැන්ගිච්ච හැගීම් කියවන්න උත්සාහ කරා
"මම ඔයාට ආදරෙයි බනී"
මට ඉහලට ගත්තු උස්ම පහළ දාන්න අමතක වුනා තනිකරම කිව්වොත් කාලය මොහොතකට නැවතුනා වගෙයි දැනුනේ අවට පරිසරේ කිසිම දෙයක් මට දැනුනේ නැ දැනුන එකම දේ එයාගේ හුස්මයි එයාගේ සුවදයි ඒ ඇස්වල ආදරණීය බැල්මයි විතරමයි
මගේ ඇස්වලින් නිමක් නැතුව කදුළු ගැලුවා
මට ඕන නැ ඒ කදුළු පිහිදන්න මොකද ඒවා සතුටු කදුළු
දෙවියනේ මට ඇඩෙන්නේ සතුටට මට බෝගේ වචන දරාගන්න බැ මට බයයි මගේ පපුව පැලෙයි කියලාකවමදාවත් අහන්න නොලැබෙයි කියලා හිතපු ඒත් අහන්න ආසාවෙන් පෙරුම් පුරපු ඒ වචනේ එයාගේ මුවින් ඇහෙද්දි මට දැනෙන හැගීම වචන කරන්න බැ
ආදරය මේක නිකන්ම නිකන් අකුරු හතරක හක වචනයක් නෙවෙයි මේ වචනේ ඇවිත් තනිකරම හැගීම් සමුදායක එකතුවක්
YOU ARE READING
Sƚαყ Wιƚԋ Mҽ [Complete FF]
Fanfiction˜"*°•.˜"*°• Stay With Me •°*"˜.•°*"˜ හදින්ම දිව්රමි.. ලෙයින් ලියා දෙමි.. සසර පුරා.. මගේ ඔයා.. මගේ කතාවේ.. පණයි ඔයා.. 💚❤️ ❤️💚