(21)කුනාටුවක්

503 81 2
                                    


අපි දෙන්නටම නිවාඩු දවසට ලස්සනට
ඉර පායලා තියෙද්දි වෙනද වගේම එයාට කලින් මම අවදි වුනා

අනේ නිදන් ඉන්න හැටි දැක්කම ලෝබයි
කොයි කවුරු ඉස්සරහා අයිස් කදක් වගේ හිටියත් මම ලග මගෙ බෝ පුදුමාකාර විදියට හුරතල් වුනා ආදරණීයම චරිතයක් වුනා

මම වෙනුවට කොට්ටයක් එයාගේ තුරුලට කරලා බ්පඅන්කට් එකත් හොදට පෙරවලා මම
මගේ ගෙදරට එන්න ආවා

නිවාඩු දවස නිසා මට එයා වෙනුවෙන් මොනවහරි හදන්න ඕනවුනා....එයා ආසයි මම හදන චොකලට් කේක් වලට
ඉතින් මගේ ගෙදර තිබුන අඩුම කුඩුම ටිකත් ඇගෙන මම ආයෙත් එයාගේ ගෙදරට එන්න ආවත්

මම දොර අරින්නත් කලින් මගේ ගෙදරට දුවගෙන ආපු බෝ බෝ මට මොකද වුනේ කියලවත් හිතාගන්න කාලයක් නොදීම මාව ඒ ඇදලා අරන් ඒ පපුවට තුරුළු කරගනිද්දි එයාගේ වචනත් එක්ක මගේ අතේ තිබුන බැග් එක එහෙම්මම බිමට ඇතැරුනා

"අනේ කවුරු මොනවා කිව්වත් මාව දාලා යන්න එපා මගෙ බනී මට උබ නැතුව ජීවත් වෙන්න බෑ මාව මැරිලා යයි මැණික"

"බෝ බෝ ඇයි මේ"

"මැණික අපි කොහේ හරි දුරකට යමු මේ මිනිස්සුන්ගෙන් ඈතකට"

මගේ මුලු මූණම දෝතට ගත්තු එයා මගේ එක කම්මුලක් පිරිමදිමින් නොසන්සුන්ව කියද්දි එයාගේ මේ කලබලකාරී හැසිරිම ගැන කිසිම දෙයක් නොදන්න මම බය වුනා

"හරී මේ අහන්න බෝ මම කොහෙවත් යන්න මම ඔයා ලග ඉන්නවනේ මට කියන්න ඇයි මේ ඔයා කලබල වෙලා"

" බනී එයාලා ඒ මිනිස්සු උබව මගෙන් ඈත් කරන්න හදනවා බනී"

"කවුද බෝ බෝ කවුද එයාලා?"

නැ මට එයාගේ උත්තරයක් අහගන්නත් කලින්ම මගේ පෝන් එක රින්ග් වෙන්න ගත්තා

ජෝන් ගගා කතා කරලි කියපු දේවල් එක්ක මගේ කකුල් පවා පන නැතිව යද්දි වැටෙන්න ගියපු මාව එයා තුරුලු කරගත්තා












කොච්චර වෙලාවක් ගෙවිලා ගිහින්ද දන්නැ
ඒත් ජෝන් ගාගෙන් ආව කෝල් එකෙන් පස්සෙ එහෙම්මම ඇදුමක් දා ගත්තු අපි දෙන්නා
කෙලින්ම ආවේ කම්පැනි එකට

 Sƚαყ Wιƚԋ Mҽ  [Complete FF]Where stories live. Discover now