𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]Chapter 05
🐯 " මං අතින් වරදක් වුනා ඒකට මම ඔයාගෙන් සමාව ඉල්ලුවා JK..
_______________________________________________..
" සමාව ඉල්ලුවොත් හැමදේම විසදෙනවනම් රටකට නීතියක් ඕන නෑනේ mr. "
🐯 " නිතීයෙන් පිට ගිහින් කිසිම අනුකම්පාවක් නැතුව ජීවිත සෙල්ලමකට ගන්න තමුන් එනවද මට නීතිය උගන්නන්න.. "
නිහඩව සිටීමෙන් තවත් පලක් නොමැති බව ටෙහ්යුන්ට වැටහුනේ JK ගේ වචනත් එක්ක... ටෙහ්යුන් නිවැරදී.. රටේ නීතිය ගැන කිසිම තැකීමක් නොකර තමන්ට රිසි සේ ජීවිත බිලි ගන්න මොහුගෙත් සාතන් අතරත් කිසිදු වෙනසක් නොවීය.. දෙදෙනටම ජීවිතයක් කියන්නේ සෙල්ලමක්.. ඔව් සාතන් ජන්කුක් කරන සෙල්ලමක්.. සාතන් ජන්කුක් කියන්නේ එකිනෙකාට වෛර කරන මිතුරන් දෙදෙනෙක් කිව්වොත් නිවැරදී.. නමුත් කාලයත් සමග සිදු වූ යම් සිදුවීම් ඔව්න්ගේ මිත්රත්වයට මෙන්ම මානසිකත්වයටද බලපෑම් එල්ල කලේ සිතා ගත නොහැකි අයුරෙන්..
" ආසාවට කවුරුත් මිනීමරන්නේ නෑ.. එයාට සිද්ද වුන එක සිදුවීමකුත් ඇති මුලු මිනිස් සමාජෙන්ම පලිගන්න.. 😈 "
🐯 " ඔයාලා මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ... "
" ජයග්රහණය "
ජන්කුක් සමග තවත් කාලය විනාස කර දැමීම අනුවන ක්රියාවක් කියලා තේරුම් ගත්තු ටෙහ්යුන් ජන්කුක්වත් තල්ලු කරගෙන shop එකෙන් පිටව ගියේ කිසිම හැගීමක් නොමැතිව.. නමුත් ජන්කුක්ගේ හිතේ එක් ප්රශ්නයයි පැන නැගුනේ.. " ඇයි කාටවත් බැරි කෙනෙක් ඒ තත්වෙට පත්වෙන්න හේතු අහන්න.. "
ඔව් හුගක් අය අහන්නේ ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියලා පමණයි.. ඒත් කිසිවෙක් අසනවාද මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා.. නැහැ.. කවුරුත්ම අහන්නේ නැහැ.. සමාජයට පේන දේට වඩා ජීවිතයක් ඇතුලේ හැංගුන කතා බොහොමයක් තියනවා.. පිට පෙන්නන දේට වඩා ඇතුලත හුගක් වෙනස් වෙන්න පුලුවන්... හරියට සාතන් ජන්කුක් දෙන්නා වගේ.. සමාන්ය දරුවෝ වගේම ඉපදිලා මේ තරම්ම දරුණු වෙන්න ජීවිතේ වෙන එක සිද්දියකුත් ඇති... කාලය මිනිසුන්ව වෙනස් කරනවා කාලයක් යද්දි මේ ඔහුමද කියා ප්රශ්න කරන ලෙසටම.. ඒ වෙනස් වීම කාලයටත් දරාගන්න අමාරු වෙනවා සමහර තැන් වලදි... හරියට ජන්කුක් සාතන් දෙන්නා වගේ.. කාලය විසින්ම මිතුරන් කලත් කාලය විසින්ම සතුරන් කල ඒ ජීවිත දැන් කාලයටම දරාගන්න බෑ... කාලය පාලනය වෙන්නේද ඔහුන්ට ඇවැසි ලෙසටයි...
![](https://img.wattpad.com/cover/333502114-288-k224640.jpg)
YOU ARE READING
𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
Fanfictionවීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්..