𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]Episode 23.
_____________________________________________.
අඩලා අඩලා හෙම්බත් වෙලා උන්නු ජැක්සන්ට ආයෙමත් සෝෆා එකේම නින්ද ගියේ ජන්කුක් ඉතුරු වෙන්න අනිත් හැම කෙනාම තමන්ගේ වැඩ වලට යද්දි. ජැක්සන්ගේ ඔලුව යටින් කොට්ටෙකුත් තියලා ජන්කුක් උඩට ගියේ එයාගේ එයාව හොයාගෙන. ජන්කුක්ගේ කාරරේට අල්ලපු කාමරේ ටෙහ්යුන්ගේ වෙද්දි ජන්කුක් පඩිපෙල නැගන් ටෙහ්යුන්ගේ කාමරේට ගියේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. කන්නාඩි මේසේ ඉස්සරහා හිටගෙන උන්නු ටෙහ්යුන් ජන්කුක් ආපු බවත් දොර ලොක් කරපු බවත් දැක්කාත් නොදැක්ක ගානට හැසිරුනේ ඊයේ හපන්කම් වල පාරවල් තාම තියෙන නිසා.
( පව් අසරනයා 😂 )
" බේබි. "
ජන්කුක් ටෙහ්යුන්ව පිටිපස්සෙන් බදාගන්න ගමන් එහෙම කිව්වේ ටෙහ්යුන්ගේ උරහිසට තෙත හාදු දෙන ගමන්. ටෙහ්යුන් උරහිස් ඇකිලුවේ දැනුන කිතියට.
" අහන්නකෝ හ්යොන්. ජැක්සන් හ්යොන්ට මොකද දැන්. "
ටෙහ්යුන් එහෙම අහද්දි ජන්කුක් ටෙහ්යුන්ගේ ඇදේ වාඩි උනේ එයාට එහා පැත්තට තට්ටුවකුත් දාන ගමන්. ටෙහ්යුන් එතනින් වාඩි උනාම ජන්කුක් ලොකු හුස්මක් ගත්තේ දිග කතාවක් ටෙහ්යුන්ට කියන්න. ඒක ගොඩක් දිග වේදනාකාරි ජන්කුක් ජැක්සන් විතරක්ම දන්න කතාවක්.
" දන්නවද ජැක්සන් මෙහෙම හිටිය කොල්ලෙක් නෙවේ. ඌ හුගක් සතුටින් ආදරණීයව හිටිය කොල්ලෙක්. ඒ හැම දේම වෙනස් උනේ උගේ අම්මා තාත්තා නැති උනාට පස්සේ. උට හොද නරක කියලා දෙන්න කවුරුත් ලගින් හිටියේ නෑ. අඩුම උගේ යාලුවා වෙච්ච මමම උට වෛර කලා. ඉතින් ඒ මනුස්සකමට ආදරේ කරපු ඒ හදවතෙන්ම ඌ ඒ මනුස්සකමට වෛර කරන්න ගත්තා. අපි කාටවත්ම හිතාගන්න බැරි විදිහට. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඌ මිනිස්සු මරන්න ගත්තේ හිතේ තිබ්බ පීඩනේටමයි. අන්තමට මිනිස්සු අතරම වෙස් අරන් ඉන්න සාතන් උනා ඌ. නම ඇහුවත් බය වෙන තරමටම මූ සහසික උනා. හැමදාම ඒ අත් වල ලේ ගෑවුනා. ඌ අඩන්න ඕන තැන්වලත් කෑ ගහලා හිනා වෙන්න පුරුදු උනා. ඒ නිසාම මිනිස්සු කිව්වේ සාතන් කියන්නේ හිතක් පපුවක් නැති යක්ෂයෙක් කියලා. හැබැයි ඒකෙන් හොදක් උනා. මිනිස්සු වැරදි කරන්න බය උනා. මිනිපිට ඉන්න යක්ෂයා නිසාම. ඒත් කාලෙකට කලින් හිටිය ඒ ආදරණීය චරිතේ අන්තිමට යක්ෂයෙක් උනා. මේ හැමදේටම මිනිස්සුයි වග කියන්න ඕන. මේ හැම දේකටම ජැක්සන් වටේ හිටපු උනුයි වගකියන්න ඕන වෙද්දි ජැක්සන් වුනත් ඒ මිනිස්සුන්ට සමාව දුන්නා. හැබැයි මට ඕන ඒ මිනිස්සුන්ගෙ පලිගන්න. ජැක්සන් වෙනුවෙන්. "
![](https://img.wattpad.com/cover/333502114-288-k224640.jpg)
YOU ARE READING
𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
Fanfictionවීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්..