𝓽ꫝꫀ ꪑꪖ𝘬𝘴 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]Episode 22
___________________________________________
" ඒකද ඇත්ත ආය පාරක් හිතලා බලපන් "
තමන්ගේ හිත තමන්ටම කියද්දි ජැක්සන් වුනත් අතරමන් උනා. හිත කියන දේ පිළිගන්න කොල්ලා කැමති උනේ නැහැ කොහොමටත්ම. හතවත මරලා දාලා මොලේට ඉඩ දුන්න කොල්ලාගේ හදවතයි මොලෙයි දෙකම ජීවිතේ පලවෙනි පාරට එකම දේ කියද්දි කොල්ලා අන්ත අසරන වුණා. ඔව් කොල්ලාටත් ඕන උනා ටෙහ්යුන් ජන්කුක් වගේ ආදරෙන් එයත් එක්ක ඉන්න. ඒත් කොල්ලා තාම දන්නේ නැහැ. එයාගේ හිත හොයන ' එයා ' කව්ද කියලා.
" මොන මගුලක්ද දෙයියනේ මට මේ වෙලා තියෙන්නේ. මුන් සේරන මාව කාලා දැන් ආය කන්න දෙයක් නෑ මගේ. "
ජැක්සන් තමන් වටේ ඉන්න සේරටම දෙහි කපන ගමන් නින්දට වැටුනත් ජැක්සන්ගේ ඇස් පිය වෙන්නනම් ගොඩක් වෙලා ගියා. ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටිය ජැක්සන් නිදාගනිද්දි පාන්දර 6ටත් කිට්ටු කරලා තිබ්බා. කට්ටිය එක්කම ජෝගි නටලා අත් කපාගෙන වීදුරු කුඩු කරගෙන ගෙදර හැමෝම නිදාගනිද්දි 6 පහු වෙලා තිබුනා.
" මොකද මෙච්චර රස්නේ. "
ජැක්සන් නින්දෙන්ම තමන්ගේ ශර්ට් එක ගලවලා දැම්මේ නින්දේ උනත් කොල්ලාට දාඩිය දාන්න ගත්ත නිසා. බැරිල තැන නැගිටලා පල්ලෙහාට ගියේ වතුර එකක් බොන්න. පඩිපෙල බහිද්දි කොල්ලාට තේරුනා කකුල් දෙක වෙව්ලන ගතියක්. බඩිපෙලේ වැඩට බර වෙලා කොහොම හරි පල්ලෙහාට ආවත් ඇට පිටින් ගංජා ගහපු එකෙක් වගේ වැනි වැනී කුස්සියට යන ජැක්සන් දිහා සෝෆා එකේ ඉදන් උන්නු හේසල් බලාන් හිටියේ ඇස් දෙකත් නලලේ තියාගෙන. බැන්ඩේජ් කරපු අත තද රතුපාට වෙලා තිබුනේ ඊයේ නිදාගනිද්දි මෙලෝ සිහියක් නැතුව අත යට වෙන්න නිදාගත්ත නිසාමයි.
" මොකදේ මේ මට දෙක දෙක පේන්නේ. ජින්ට මං දන්න තරමින් නිව්න් සහෝදරයෙක් නැහැ. "
Kitchen එකේ උයන ගමන් හිටපු ජින් දිහා බැලුවත් කොල්ලාට ජින්ලා දෙන්නෙක් පේද්දි කොල්ලා ඔලුවත් දෙපැත්තට ගස්සලා ටැප් එක ලගට ගිහින් වතුර ටිකක් බීලා ආයෙත් සාලේ පැත්තට ආවත් කුස්සියේ හිටපු ජින් වගේම ජැක්සන් පස්සෙන් කුස්සියට ආව හේසල් දෙන්නම බලාන් හිටියේ නාගසලං වෙන්න ගහපු බේබද්දෙක් වගේ කවදාවත් නැතුව ජැක්සන් වැනි වැනි රුයිතෙට අඩිය තියන කොල්ලා දිහා. දොර ඇරගෙන උදේ පාන්ඩ්ගර එලියට ගිහින් එන ජන්කුක්ව විතරක් අන්තිමට පේද්දි හැමදේම නිලාංකාර වෙලා කොල්ලා ඇදගෙන වැටුනේ කොල්ලා බිමට වැටෙන්න කලින් එතනට ආව ජන්කුක්ගේ අත් අතරට.
![](https://img.wattpad.com/cover/333502114-288-k224640.jpg)
YOU ARE READING
𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
Fanfictionවීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්..