Chapter 13

88 8 1
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸]

Episode 13

Author pove 🌟
_______________________________________________.. 

මිනිස්සු උනහම වැරදි වලට වගේම වැරදි කරන්නත් බය වෙන්න ඕන.. හිතන්න වැරදි කරන කෙනා පිටිපස්සෙන් හැම වෙලාවෙම සාතන් එනවා කියලා..
ඒ නිසාම වැරදි කරන්න බය වෙන්න.. වැරැද්දට බය වෙන්න.. දඩුවම් වලට බය වෙන්න.. මනසින් උසස් උන පලියට මිනිස්සුන්ට එහෙම හිතේ හැටියට වැරදි කරන්න බැහැ.. හැම වෙලාවෙම වැරදි පිටිපස්සෙන් සාතන් එනවා..

හරිම මූසල දවසක්.. අදුරු කිසිම වලාකුලක් අහසේ නැහැ.. සීතල සුළග කීවෙම විපතක් අත ලග බව.. ඔව් විපදක් නොවෙයි.. අනවසරයෙන් කල අපරාධ වෙනුවෙන් දඩුවම් විදින රාත්‍රියක්.. සාතන් පැමිණේවි.. දින ගනනාවක් රුධිර පිපාසිතයෙන් සිටින සාතන් ඔහුගේ ගොදුර වෙනුවෙන් මාන බලයි..

" ආශ්.. මෙච්චර මූසල මොකද මේ.. එක මිනිහෙක් නෑ පාරේ.. "

" හහ්..හහ්...හාආආආආ "

" ක්..කව්ද ඔතන.. "

🎭 " ඔහ් මිත්‍රයා වැරදි කරන කෙනා පිටිපස්සේ හැම වෙලාවෙම සාතන් ඉන්නවා.. උබට ඒක අමතකද.. "

" ස්.. කවුරු කිව්වා.. "

🎭 " සාතන්.. ලෑස්ති වෙයන් උබේ කරුම වලට විදවන්න.. "

" අනේ මට යන්න දෙන්න.. මම ආය වැරදි කරන්නේ නැහැ.. "

🎭 " කරන්න පෙර සිතා බලන්න කියන්නේ ඕකට මගේ මිත්‍රයා.. "

සාතන් එසේ කියමින් අදුරෙන් එලියට පැමිණියේ දුටු කෙනෙකු බියෙන් වෙව්ලා යන ඒ රූපය ඉස්සර කරගනිමින්.. තනි කලු ඇදුමෙන් සැරසුනු ඔහුගේ මුහුණ මෙතෙක් දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණයි.. වෙස් මුහුණකට මුවා වෙලා තිබෙන ඒ ජීවිතයේ ඔහු විදි කටුක අත් දැකීම දන්නේ ඔහු පමණයි.. සුදු පැහැ වෙස් මුහුණේ දෑස් කුහරවලින් වෑස්සෙන රුධිරය මෙන් සිත්තම් කර ඇති එම වෙස් මුහුණ දුටුවන්ගේ සිත් සලිත කරයි..

සාතන් ඉදිරියෙ ගැහෙමින් සිටි එම පුද්ගලයාට හිතන්නවත් වෙලාවක් නොදි සිහි නැතිකල සාතන් ඔහුව රැගෙන ගියේ ඔහුගේ සුපුරුදු ස්ථානයට.. සරලවම කීවොත් සාතන්ගේ ගොදුරු වල අපායට..

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now