Chapter 1

261 28 20
                                    

මෙච්චර වෙලා කරුවලෙන් වැහිලා තිබුනු සෝල් නගරයට ,හොරෙන් හොරෙන් ඉර මාමා එබිලා බලන්න ගත්තා . ඉර මමා ජනේල් වලින් එබි එබි  තාමත් නිදන් ඉන්න පුන්චි ලමයින්ට කිව්වෙ " දැන්වත් නැගිටින්න ලමයිනේ ඔය නිදාගත්තා ඇති නැත්ද " කියලයි .

මේ අස්සෙ තමන්වගේ දහ පහලොස් දෙනෙක් දාන්න පුලුවන් ඇදක ඩුවට් එකක් අස්සෙ ගුලිවෙලා හිටපු පුන්චි කොල්ලෙක් ,උදේ පාන්දර දෙයියො සිහිකරන්න ගත්තෙ තමන්ගෙ අම්මගෙ කටහඩ මරලතෝනියක් වෙලා කන ලගින්  ඇහෙන්න ගත්ත නිසා..

නිදිමතේම බාත් රූම් එකට බඩගාලා , බාත් ටබ් එකෙත් විනාඩි 30 ක් විතර නිදියලා බොහෝම අමාරුවෙම් මේ කොල්ලා ලෑස්ති වෙලා ආවෙ එයාට පොඩ්ඩක්වත් ෆේවරිට් නොවුනු තැනක් උනු නර්සරි එකට යන්න ..

ඇත්තටම එයාට ඒ නර්සරි එක පේන්න බෑ .. ඒකෙ ඉන්න තමන්ගෙ බඩ ගාවට වගේ ඉන්න පොඩි පොඩි ගෙබි පැටව්  කෑගහනකොට  එයාලට තව ටිකක් කොට වෙලා යන්න දෙන්න හිතුනු අවස්තා ඕනි තරම් මේ පොඩ්ඩට තිබ්බා .. ඔක්කොටමත් වඩා දැන්ම ඉදන් තමන්ගෙ ක්‍රශ් එකට බැල්ම දාන් ඉන්න අර මින්ජුන් කියන හාදයා ..හහ් හිතන් ඉන්නෙ හරි ලස්සනයි කියලා ..අඩුම මට වගේ ලස්සන හා දත් දෙකක්වත් ඒකාට නෑ ..

🍁 කුකී බබෝ, කෝ කටාරින්නකො මගෙ පැටියා මේක කවන්න ..

හැමදාම වගේ උදේම කෑම පිගානක් කුකීට ගිල්ලවන එක කුකීගෙ අම්මගෙ පුරුද්දක් ..කුකීට හිතුනු විදියටනම් එයාගෙ අම්මා හිතන් ඉන්නෙ කුකීට හැමදාම එයාගෙ අතින් අර හැලියක් වගේ ලොකු පිගානෙන් එකක් කෑම කැව්වෙව්වෙ නැත්නම් කුකී දවසෙ කරන එක වැඩක්වත් හරියන්නෙ නැතිවෙයි කියලා ..

🦄 අයෝ ඔම්මා ඕකා පොඩි එකෙක් නෙවේනෙ ඔච්චර කවන්නේ ..මේ ඩාන්සින් කරලා වෙහෙස මහන්සි වෙන ඔයාගෙ ලොකු පුතාටවත් ඔච්චර සැලකිල්ලක් නෑනෙ ..😒

🐰 ඔම්මා බලන්නකො අලේ.😡 අනේ මෙ ගස් ගෙම්බො ..තමුසෙව අරන් හදාගත්තා කියලා මං පලි ඈ ..

🦄 මොකා ..කව්ද කීවෙ මාව හදාගන්න ගත්තෙ කියලා ..තමුසෙවනෙ පාරෙ කුනුකානුවක් අයිනෙ පෙට්ටියක දාලා ගිහින් තිබ්බෙ ..😂 ආවා මෙතන ..

🍁 යා හේසොකී නවත්තගන්නවා මගෙ පොඩි එකාට එකේක ඒවා කියන එක..

🐰 ඔම්මා 🥺 ඇත්තටම මාව හදාගන්නද ගත්තෙ අලේ 🥺

🍁 අනේ නැ පැටියො පිස්සුද ..

කුකීගෙ අම්මා කුකීගෙ කදුලු පිහිදන ගමන් කීවෙ  "නවත්තගනින් ,නැත්නම් ගෙදරින් එලියට දානවා උබව " වගේ බැල්මකුත් හේසොක්ට දාලයි ..

ඒත් මල්ලිව හරි නංගිව හරි අවුස්සලා ආතල් ගන්න එක  එහෙම කිව්ව හැටියෙ අපි නවත්තනවද? නෑනෙ නෑනෙ  😌ඉතින් හේසොකත් අපි වගේම කෙනෙක් ..

🦄 කවදාවෙනකම් ඔයා ඕවා හංගනවද ඔම්මා 😓 කුකී මේ අහන්නකෝ ..දවසක් මායි ඔම්මයි අප්පයි පාක් යද්දි අපිට ඇහුනා කානුවක් ගාවින් " ඔහෑ ඔහෑ " ගගා පොඩි එකෙක් බෙරිහන් දෙනව .ඉතින් අපි ගිහින් බලද්දි හාවෙක් වගේ පොඩි එකෙක් පෙට්ටියකට වෙලා කෑගහනවා..ඒ තමයි ඔයා .. කොහෙද දුටු ගමන් සිත වසග වෙලා අපෙ ඔම්මත් තමුසෙව අරන් වඩාගෙන ගෙදර ගෙනාවනෙ ..😒 හැබැයි කුකී තමුසෙ පොඩ්ඩක් විතර අනිත් දාලා ගියපු ලමයින්ට වඩා වටිනවා .මොකද තවුසෙව දාලා ගිහින් තිබ්බෙ මිල්ක්ශේක් පෙට්ටියක😂😂  දැන් කාලෙ මිල්ක්ශේක් එක්කුත් කොච්චර ගනන්ද 😂😂😂

   කදුලු පුරෝගන්න එයාගෙ මල්ලියි මූණ රතුවෙන ගමන් ඉන්න එයාගෙ අම්මයි දිහා බැල්මක් දාපු හේසොක් " මං අහිංසකයි " වගේ බැල්මක් දාලා ඉක්මනින් ගෙදරින් එලියට දිව්වෙ තව ටිකක් වෙලා හිටියොත්  අනිවාර්යයෙන් එක්කො තමන්ගෙ කන් බෙර දෙක අර හා දතාගෙ ඇඩිල්ල නිසා පැලෙනවා හෝ උදේ පාන්දර මදි නොකියන්න ඔම්මගෙන් ගුටි පූජාවක් ගන්න පුලුවන් කියලා දන්න නිසා ..

තවත් ටික වෙලාවකින් පොඩි එකෙක්ගෙ ඝාන්ටාර කටහඩකින් කෙරෙන ඇඩුමක් ජියෝන් මැන්ශන් එක පුරා පැතිරුනේ ,මෙච්චර වෙලා තමන්ගෙ වයිෆ් එක්ක හාදුවක් බෙදා ගන්න හැටි හීනෙන් රස විද විද හිටපු මිස්ට ජියෝන්වත් ඇදෙන් වට්ටලා ...

🍃🍓💚 My  Strawberry 💚🍓🍃 (Completed)Where stories live. Discover now