Chapter 5

123 26 5
                                    

වැකේශන් එක පටන් ගත්ත මුල්ම දවසෙ ඉර මාමාවත් පුදුම කරමින් ජියෝන් මැන්ශන් එකේ හිතුවක්කාර පොඩි එකා උදේ පාන්දරම නැගිටලා  , එයාලගෙ ඔම්මගේ ෆේස් වොශ් ,බොඩි වොශ් අනන් මනන් ඔක්කොම ගාලා නාලා ,අලුතෙන්ම ගත්ත බනීශර්ට් එකත් ඇදගෙන උඩ පැන පැන බලන් හිටියෙ එයාගෙ ස්ට්‍රෝබෙරි ගෙඩිය එනකම්..

හේසොක් නම් හොල්මන්ද පොල්කොල වගෙ සීන් එකේ ඇවිත් හිමීට  කිරි එකක් තොලගාන ගමන් බලන් හිටියෙ ඔච්චරම මල්ලි කියවන ඔය ස්ට්‍රෝබෙරියද බ්ලූබෙරියද බලාගන්න ඕනි කමින් ..හේසොකී නම් හිතුවෙ ඒ පොඩි එකත් එයාගෙ මලයා වගේම අණ්ඩපාලයෙක් වෙන්න ඕනි කියලා ..

ටිකකින් මිනී එයාගෙ පපායි අප්පයි හියුනුයි එක්ක ඇවිත් ජියෝන් මැන්ශන් එකෙන් බැස්සෙ  ගාඩ්න් එකේ හිටි ගාඩ්ලගෙ  පවා ආදරනීය බැල්මක් උදුරගන්න ගමන්..මිනීගෙ පව්ලෙ හැමෝම ඒන්ජල්ලා වගේ ලස්සනයි ..

තමන් මීට කලින් දැකලා නැති ලස්සනම ලස්සන කොල්ලෙක් එක්ක එයාගෙ මිනී ගේ ඇතුලට එද්දි  කුකීනම් පොඩ්ඩක් ගැස්සුනා .. ඒත්  ඒ එයාගෙ   අනාගත මස්සිනා කියලා දැනගත්ත ගමන් කුකීගෙ හිතේ මීට කලින් තිබ්බෙ නැති සත්ව කරුනාව හිටන් පහල උනා..

දවල් කෑමට පස්සෙ මිනීගෙ පව්ලෙ අය  මිනීව නතරකරලා ආයෙ පාර්ක් මැන්ශන් එකට යන්න පිටත් උනා .

මිනීගෙ පපාලා ගිය ගමන්ව බටු ඇටේ වගෙ හිටි මිනීවත් උස්සන් කුකියා එයාගෙ උඩ  සෙල්ලම් කාමරේට දිව්වෙ එයාගෙ අලුත්ම වීඩියො ගේම් කට්ටලේ මිනීට පෙන්නන්න හිතාගෙනයි ..

මං හිතන්නෙ මේක ජියෝන් පව්ලට හරි සතුටු නිවාඩුවක් වේවි 🤍

🍃🍓💚 My  Strawberry 💚🍓🍃 (Completed)Where stories live. Discover now