අපෙ පුංචි හා පැටියා හිටියෙ තරහින් පුපුර පුපුර ගාඩ්න් එක ඉස්සරහා තිබ්බ බෙන්ච් එකට වෙලා ඉදගෙන .එයාට ඉස්සරහින් ගාඩ්න් එකේ හේසොක් , ෆීලික්ස් වගේම එයාගෙ පුංචි ස්ට්‍රෝබෙරි ගෙඩිය වෙච්ච මිනීත් හුරතල් බෝලයක් වගේ දගල දගල හිටියා .එයාට නම් දැන් කුකී කෙනෙක් ඉන්නවද කියලා මතකත් නැති පාටයි .ඇයි ඉතින් කුකීගෙ හියුන්ලා දෙන්නම හරිම ශෝයිනේ ..
🐰 පුහ් .මහලොකුවට කීවෙනම් කෝමද ..කුකී අපි ෆිල්ම් බලමු , චොකෝ ගොඩක් ඔම්මට කියලා ගෙන්නන් කමු , අයන්මෑන් ගේම් එක ප්ලේ කරමු..අන්තිමට ඒ මොකුත් නෑ මට 😒 ෆීලික්ස් හියුන්ගී ..අයි හේට් යූ අප්පා😒
තොලුත් උල් කරගෙන ඔහේ කියව කියව හිටි තමන්ගෙ පුතාව දැක්ක මිසිස් ජියෝන් එයා ලගට ආවා.
🤍 මොකො පුතා මේ තනියෙන් කියවන්නෙ ..
🐰 බලන්නකො ඔම්මා මිනීට මාව අමතක් වෙලා .අර ෆීලික්ස් හියුන්ගි ආව නිසා තමා මේ ඔක්කොම ..මගෙයි මිනීගෙයි වැකේශන් ප්ලෑන් ඔක්කොම එයා විනාස කරලා දානොනි..
අනේ අපේ අහිංසක හා පැටියට දුක හිතිලා .
හැබැයි මේක දැක්කට පස්සෙ මිසිස් ජියෝන්ට තමන් කියන්න ආපු දේ කියන්න ඕනිමද කියලා සැකයක් මතු උනා .
🤍 " ෆීලික්ස් ආවා කියලා මෙහෙම නම් .එයත් එනවා කියලා දැනගත්තොත් මේකා ගෙදරිනුත් යයිද දන්නෑ "
මිසිස් ජියෝන් හිතුවෙ එහෙම .තමන්ගෙ ඔම්මගෙ මූන දිහා බලන් උන්නු කුකී ට තේරුනා ඔම්මා මොනාහරි කියන්නයි යන්නෙ කියලා .
🐰මොකෝ ඔම්මා ..ඒ පාර ඇයි
🤍 නෑ මේකයි කුකී ..ඔයාගෙ අර හියින්ජින් හියුන්ග් ඉන්නෙ..හේ එයත් මේ මෙහෙ එන ගමන්ලු ඔයාලා එක්ක ඉතුරු දවස් ටිකේ ඉන්න .😁 ප්‍රශ්නයක් නෑනේ නේද මගෙ පුතාට ..
තමන්ට පුලුවන් උපරිම බටර් පාර ගාලා මිසිස් ජියෝන් එයාගෙ පුතාගෙන් ඇහුවෙ මේකා මොන වගෙ උත්තරයක් දෙයිද කියලා බයේ .
හරිනේ....කුකීගෙ මූන නිකන් නරක් වෙච්ච කිරිමුට්ටියක් වගේ උනා..
🐰 අයිගෝ ඔම්මා..දැන් ඉතින් මට මිනීව හංගලා තමා තියාගන්න වෙන්නෙ .ඇයි අප්පා මේම ..
ඔව්..දැන් ඉතින් එකෙක් මදිවට දෙන්නෙක්ම ඇවිත් මිනීව කුකීගෙන් උස්සන් ගියහම , මොට්ට හා පැටියට හුලං තමයි ..
YOU ARE READING
🍃🍓💚 My Strawberry 💚🍓🍃 (Completed)
Fanfictionරෝසම රෝසපාට බෝල ස්ට්‍රෝබෙරි ගෙඩියකුයි , ඒ පස්සෙන් වැටුනු නපුරු හා දතෙකුයි.... අනේ .බලන්න හරිම හුරතල් දෙන්නෙක් 🥺♥️ 🐰ඔහෙ හිටු කොට පාත්තයා .. 🐣 අනේ පලෑම් යන්න ඉතියෝපියානු නස් ගූනි සෙවලයා .. ආහ් හිතපු තරම් හුරතලුත් නෑ වගේ 🥲💚