Chapter 2

141 29 6
                                    

නර්සරි එක ගාවින් බැහැපු චූටි කුකී තමන්ගෙ ඔම්මට කිස් එක්කුත් දීලා හිමින් හිමින් තමන්ගෙ හා බෑග් එකත් උස්සන් එයාලගෙ ක්ලාස් එකට එද්දිම දැක්කෙ තමන්ගෙ ක්‍රශ් එක වෙච්ච රෝස්  එක්ක බර කතාවක යෙදිලා ඉන්න මින්ජුන්ව .. හහ්
.අර ගෝරිල්ලා රෝස් ඇන්ද ලස්සනම ලස්සන සමනලේකුයි මලකුයි හෝ ගාලා අගේ කරන ගමන් හිටියෙ ..උදේ පාන්දර ලේ කෝප උනු  කුකී එතන්ට යන්න හදනවත් එක්කම එතන්ට ආවෙ එයාගෙ දෙවනි ක්‍රශ් එක ..අම්නේ ඉතින් ..ඒ තමා කුකීලට උගන්නන සූටි ටීච ..සිරියාවෙ බෑ ..

ටීච දිහා බලන ගමන් කුකී හිතුවෙ අද ටීච වෙනදටත් වඩා ලස්සනයි නේද කියලා .." එයා හරියට ඩේසි මලක් වගේ " ... ඒත් අද නම් ටීච ඇවිත් හිටියෙ තනියෙම් නෙවේ ..එක පාට්ටම ක්ලාස් එකෙ හිටපු හැමෝම නිශ්ශබ්ද වෙලා ආයෙත් සූ ගාන ශබ්දයක් ආවෙ ඊලගට ඇතුලට ආව කෙනා දැකලා .. ටීචගෙ ලෝකෙ හිටපු කුකීත් ගැස්සිලා ගියා

🐰 " මොකත සූ ගානෝද මංදා .තාත්තා නයිද ඔයාලගෙ..

ලග හිටපු ලමයගෙන් එහෙම අහද්දි ඒ ලමයා ඇස් වලින් දොර දිහා පෙන්නුවා. ඒක දැක්ක කුකීගෙ කටත් පුදුමෙන් ලොකුවෙන්න වැඩිවෙලාවක් ගියෙ නෑ ..

එතන හිටියේ ලස්සනම ,චූටි පිරිමි ලමයෙක් ..වාව් ...එයා නිකන් හරියට රෝසම රෝස ජෙලි එකක් වගේ .. කම්මුල් නිකම් ස්ට්‍රෝබෙරි වගේ ...

එයා එක්ක බැලුවම කුකීගෙ ක්‍රශ් දෙකගෙම මොන ලස්සනක්ද කියලා කුකීටම හිතුනා😂

🍃🍓💚 My  Strawberry 💚🍓🍃 (Completed)Where stories live. Discover now