Part 12

42 5 6
                                    

After four months

අලුත් ළමයි ඇවිල්ලා දැන් මාස හතරක් වෙනවා. එදා යුංගිගේ කතාව හින්දා පරල වෙච්ච parents දෙතුන් දෙනෙක් complain කරන්න ඇවිත් ඇදන් හිටපු රෙද්ද විතරක් ඉතුරු වෙන්න ආයෙත් යුංගිගෙන් අහගෙන තමන්ගේ සීනිබෝල ළමයි ටිකත් අරගෙන uni එකෙන් යන්නම ගියා.😂😂😂

ෆයිනල් වලට හරියටම තව මාසයයි.. අපේ සැට් එක දැන් වැඩි හරියක් ඉන්නේ යුනි ලයිබ්රි එකේ.. අනේ මෙච්චර කාලයක් හරිම නිශ්ශබ්දව නීතියට අනුව තිබ්බ ලයිබ්රි එක ඉරිදා පොල වගේ.. ඒක භාර මිස් සසර කලකිරිලා තපසට යනවා කියලා මගේ අතින් කිව්වා ඒයිලා..

Jk: අඩෝ ජුනා මට මේක තේරෙන්නෑ ඕයි.. මේකා මේ හත්ගව්වක් විතර කෑ ගහන්නේ එහා ටේබල් එකට වෙලා ගානක් හදන ජුනියට

Rm: කෝක..

Jk: මේක..

Rm: වරෙන් කියලා දෙන්න.. මේ වාර්ෂික ආදායම බ්වා බ්ලා බ්ලා.. ඔන්න ඉතින් ජූන් එයාගේ දේශනාව පටන් ගත්තම කුක්කත් කම්මුලට අතත් තියාන අහන් ඉන්නවා.. තේරෙනවද මන්දා..

Jin: අඩෝ අපේ තාත්තලා කොහොමද ඕයි බිස්නස් කරන්නේ.. මට නම් මේවා නිකන් හරුප වගේ..

Tae: ඒ මොනාද අලුත් කෑමක් ද..

ඔය වෙලාවේ තමා කොහෙදෝ හිටපු ජිමින් ලයිබ්රි එකට එන්නේ.. හැබැයි ඉතින් පොරට මොනා නැතත් කෑම කියන වචනෙ නම් හොදට ඇහිලා..

Jimin: මොනාද ඒයිලා ඔයාලා මට නොදී කන්නේ..

Tae: දන්නෑ ජිමිනෝ.. මේ ජිනා තමා කිව්වේ..

Jin: අනේ මෝඩ හරක් පැටව් දෙන්නා.. මං දන්න කෑමක් නෑ.. මං කිව්වේ අපි මේ ඉගෙන ගන්න බිස්නස් අපේ තාත්තලා කොහොම කරනවද දන්නෑ හරි අමාරුයිනේ කියලා..

Tae: ආ... එහෙම තේරෙන බාසාවෙන් කියන්න එපෑ.. මං හිතුවේ හරුප කියන්නේ හැලප වගේ කෑමක් කියලා...

Jin: අනේ අංකල්ගේ බිස්නස් එකට දෙයියන්ගේම පිහිටයි.. ඇයි අප්පා මේ මෝඩ යකා මොනා කරයිද ඒක අතට ආවාම..

Tae: ඔයා මටද ඒයි මෝඩ යකා කිව්වේ.. ටේ ඇහුවේ ඇස්වල කදුලු පුරවන්.. හැබැයි මේක ජින් දැක්කේ නෑ..

Jin: ඔව්

Tae: හුවෑ........ හොබා මේ උස දන්ඩා මට මෝඩයා කිව්වා.. මම අපේ තාත්තගේ බිස්නස් භාර ගත්තොත් ඒවට කෙලවෙනවා ලූ...... හුවෑ... මං එහෙම කරන්නේ නෑනේ.. එහෙම ඕන නම් මෙච්චර ඉගෙන ගන්නේ නෑනේ...

⛑️ University 📚 With 😋 B7💜️ (Complete)Where stories live. Discover now