" ආයිෂ් මන්දනා තමුන් අදත් උදේට කෑවෙ නැද්ද ආ. මන් කිව්වනේ සේරම දේවල් උදේම නැගිටලා කරගන්න කියලා. "
මම විතරයි දන්නෙ උදේ පාන්දරම නැගිටලා කට කපලා රාමේන් කප් දෙකක්ම ගිලපු හැටි. මෙයාට විකාර. ඒත් ඇයි මට මේ ඇහැරිලා ඉද්දිත් හීන පේන්නෙ.
" ටේ මෙයාව ඔතනින් වාඩි කරවන්න. මන් කන්න මොනවහරි ඕඩර් කරන්නම්. "
ටේටේ මාව සෝෆා එකෙන් වාඩි කරවලා ඔළුව අත ගෑවෙ මට නිකන් ලොකු බයානක ලෙඩක් හැදිලා කියලා හිතන් වගේ. මන් ඒ අතරෙ කල්පනා කරේ කොරියාවට ආවත් හරි මන් දකින මේ අමුතු හීන මොනවද කියලා. වෙනදා එදිනෙදා ජීවිතයේ වෙන සාමාන්‍ය දේවල් දැක්කත් දැන් දකින්නෙ වෙනස්ම හීන. ඒකත් හරියට නිකන් මාව මැරෙනවා වගේ හීන.
" ආ මේක කනවා. "
මම ජිමින් දුන්නු කෑම එක අතට අරන් බොහොම අමාරුවෙන් කන්න ගත්තෙ මගේ බඩට මේකත් දාගොත්තොත් අද මැරෙන්නෙ ඉස්මුරුත්තාව හැදිලා නිසා.
" ටේ මට දැන් පොලීසියට යන්න ඕන. ඔයා මෙයා කාලා ඉවර වුණාම ගෙදර ගිහින් දානවද. "
" හරි බන්. උඹ පලයන්. "
කාලා ඉවර වුණාට පස්සෙ මම ටේටේගෙ කාර් එකෙන්ම නැන්දලයි ගෙදර එන්න ආවා. ටික වෙලාවක් යනකන් මන් වගේම ටේටේත් මුකුත් කතා කරේ නෑ.
" ස්වීටි මට කියන්න මොකක්ද අද උදේ අර වුණේ. මොකක්ද ඔයා අර කියපු හීනෙ කතාව. "
මන් කිව්වා කියලා ඔයා විශ්වාස කරයිද ටේටේ. ඔයත් හිතයි ජිමින් වගේම මන් පිස්සෙක් කියලා.
" මුකුත් නෑ. "
" බබා ඔයාට මාව ෂුවර් නැද්ද. ආ කියන්න බලන්න අපි යාළුවො නෙමේද. යාළුවො කවදාවත් බොරු කියන්නෑ. ෆ්‍රෙන්ඩ්ස් ඩෝන්ට් ලයි. ඕකේ. "
" හරි කියන්නම්. මට කලින් වෙන්න තියන දේවල් හීනෙන් පේනවා. "
මන් ඒක කිව්වා විතරයි ටේටේ ගහපු බ්රේක් පාරට තව චුට්ටෙන් මගෙ මූණත් තහඩුව ගිහින් වදින්නෙ ඉස්සරහ වීදුරුවෙ.
" ආ යූ සීරියස් බබා. "
" ම්ම්. මන් දන්නවා නිකන් පිස්සු වගේනේ. ඔයාට මාව විශ්වාස නෑ නේද. ඒත් මොනා කරන්නද. ඇත්ත ඉතින් ඒක තමයි. "
YOU ARE READING
- නෑනයි මස්සිනයි - (✓)
Fanfictionමේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover by silvermirror23 Start : 30th April 2023 End : 26th February 2024