මිනිමැරීමට අනුබල දීම සහ උසාවිය නොමග යැවීමට තැත් කිරීම යන හේතු සාධක මත CR ENTERTAINMENT හි සිටින මෙරට ප්‍රකට නිළියක් වන මෙම වසරේ ආටිස්ට් ඔෆ් දි ඉය' සම්මානයෙන් පිදුම් ලැබූ කන්ග් සාරාට මීට සුළු මොහොතකට පෙර ඉහත සඳහන් වැරදි වලට සම්බන්ධව වසර හයක සිර දඬුවම් නියම කරන ලදි.
එමෙන්ම මීට වසර තුනකට පෙර සියදිවි නසා ගැනීමෙන් මිය ගිය කිම් ටේෂු නම් ප්‍රකට නිළියගේ මරණය සියිදිවි නසා ගැනීමක් නොවන බවත් කන්ග් සාරාගේ අනුබල දීම යටතේ ඇයගේ පෞද්ගලික කළමනාකාරිය වූ චෝයි ලූනා නම් තැනැත්තිය ඇයව ඝාතනය කිරීම, CR ENTERTAINMENT හි වත්මන් හිමිකරු වන පාක් ජිමින් නම් ව්යාපාරකරු මරණයට පත් කිරීමට සැලසුම් කිරීම, කන්ග් සාරා මරණයට තැත් කරා යැයි අසත්‍ය ප්‍රකාශ හා සාක්ෂි මත පදනම්ව මේ වන විට බන්ධනාගාර ගතව සිටින CR ENTERTAINMENT යූ මින්ජි නම් නිළියට සිදු වූ අසාධාරණය යන කරුණු සියල්ල මත පදනම්ව චෝයි ලූනා නම් තැනැත්තියට වසර පහළොවක් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලදි.
මුළු සෝෂල් මීඩියා එක පුරාම අද මේ නිව්ස් එක උණු කැවුම් වගේ පැතිරෙන්නෙ. පොලිසියට ලූනව හොයා ගන්න ගියේ සතියකටත් අඩු කාලයක්. හොඳම දේ තමයි මන් හිතුවා වගේම සාරා මේ හැම දෙයක්ම කරලා තියෙන්නෙ අර මගුලෙ අ'වෝඩ් එකක් වෙනුවෙන්. ජිමින්ගෙ කම්පැනි එකේ ජිමින්ට පස්සෙ වැඩිපුරම ෂෙයාස් තියෙන්නෙ සාරට. ඉතින් මේ ගෑණි ජිමින්ව මරන්න හදලා තියෙන්නෙ ජිමින් නැති වුනාම වැඩිම ෂෙයාස් ගානක් එයාට තියන නිසා කම්පැනි එකේ භාරකාරීත්වය එයාට ඉබේටම ලැබෙන නිසා.
කොහොමහරි මන් තේරුම් ගත්ත දේ බලය ප්‍රසිද්ධිය සල්ලි වෙනුවෙන් මිනිස්සු මේ ලෝකෙ නොකරන දෙයක් නෑ කියන එක. මේ හැම ප්‍රශ්නයක්ම විසඳුණු එකේ සතුට වෙනුවෙන් අද ජිමින්ගෙ ගෙදර පොඩි ෆැමිලි පාටියක් තියනවා. ඉතින් හවස ඉඳන් මමයි නැන්දයි එක එක කෑම වර්ග හදනවා. පුදුම වැඩේ කියන්නෙ අද මාමයි ජිමිනුත් කිචන් එකට ඇවිත් අපිට උදව් කරනවා. ඇත්තම කිව්වොත් ජිමින්ගෙන් ලැබුණෙ හරිම අවම දායකත්වයක්. ජිමින් හිටියෙ කෑම වල රස පරීක්ෂක වැඩ කරන්න. ඕයි මන්දනා මේකෙ ලුණු වැඩිය... මේවා මිනිස්සුන්ට කන්න පුළුවන්ද.... මේවා තැම්බිලා නැතිය.... අමුවෙන් කන්න ගියොත් එන මිනිස්සුන්ගෙ දතුත් කැඩේවිය.... මේවා පුදුම සැරක්ය... මේවා කෑවොත් බඩේ දැවිල්ල හැදේවිය... අනේ මන්දා ආපු වෙලාවෙ ඉඳන් උදව්වක් නම් නෑ. ඒත් කියවනවා. මන් අහන් ඉඳලා බැරිම තැන ලොකු සලාද කොළයක් ජිමින්ගෙ කටේ ඔබලා ජිමින්ගෙ බෝල පස්සට පයින් පාරකුත් දීල කිචන් එකෙන් එලවලමා දැම්මා.
![](https://img.wattpad.com/cover/340504193-288-k733134.jpg)
YOU ARE READING
- නෑනයි මස්සිනයි - (✓)
Fanfictionමේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover by silvermirror23 Start : 30th April 2023 End : 26th February 2024