CHAPTER 06 🌍
~ because of you ~විනාඩි දහයකට විතර පස්සේ ලුලූ ආයෙමත් ආවා.. හැබැයි තනියම නෙමෙයි.. තව පොඩි කොල්ලෙක් එක්ක.. මේ නම් ලුලූගේ හස්බන්ඩ් වෙන්න බෑ.. තාම ඒ පොඩි එකා අපි දිහා ඔලුව උස්සලා බැලුවේ නෑ අප්පා..
අඩෝ පොඩි එකෝ... බලපන්කෝ අප්පා...
මං වගේම කැප්ටනුත් හිටියේ අපේ අමුත්තා දිහා බලාගෙන.. මොකද්දෝ නොසන්සුන්කමකින් මගේ හිත ආයෙම වෙලෙන්න ගත්තා..
" ස්මිත්.. වන්ග්.. මෙයා තමා මේ ලෝකෙ මට කියලා ඉන්න එකම කෙනා.. මගේ මල්ලි.. ශියාඕ ජාන්.. බනී මෙයාලට හායි කියන්න.. "
බනී බනී බනී.. කෝ බලමු මෙයාගේ මූණ.. දැන්වත් ඔලුව උස්සන්නකෝ ළමයෝ...
ලුලූ දිහාත් බලපු එයා අපේ පැත්ත හැරිලා හිනා වෙනවත් එක්කම...
මං හිතන්නේ එතනින් පස්සේ වුනේ මං රෙදි නැතුව මුලු D5 වටේම දිව්වා වගේ දෙයක්..
එයා අපි දිහා බලලා හිනා වෙනවත් එක්කම වාඩි වෙලා හිටපු පුටුවෙන් මං නැකිට්ටේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි උනා.. හිතලා නැකිට්ටා නෙමේ දෙයියනේ.. මං හිතන්නේ මගේ ඇඟට මොකෙක් හරි වැහුනද කොහෙද..
YOU ARE READING
SONGS OF UNIVERSE 🌍🚀
Science Fictionඅඬන්නම ඕනි තැන්වලත් මට උනා දරාගන්න.. සිහිනෙකටවත් නොයෙන තරම් දුරකින් නුඹ සිටියත්.. මං මාවම රවට්ටගත්තා.. එකවරකට හරි ආයෙමත් ඔය ඇස් දැක ගන්න.. දන්නවද මට හරි මහන්සියි... උඹ එනකම්ම තරු ගනන් කරමින් ඉඳලම.. ❤💚