CHAPTER 09 🌍
~you are a dream~
.
.
.
.
.
.
.රූබිට සමු දීලා අපි ආයෙමත් ආවේ අපේ බයිසිකල් නවත්තලා තිබුනු තැනට.. බැලූ බැලූ හැම තැනම හරිත පාට ගස් කොලන් දකින්න නොලැබුනත්.. දුඹුරු පාට නෙස්ටමෝල්ට් පාට මිශ්‍ර වෙලා තිබුනු කඳුවලිනුත් මට පෙනුනේ අමුතුම චමත්කාරජනක බවක්... සමහරවිට මාත් එක්ක හරි හරියට බයිසිකල් පදින මේ පොඩි එකා එක්ක ගත වෙන තවත් සුන්දර මොහොතක් නිසා මට එහෙම හිතෙනවා වෙන්නත් පුලුවන්..
අපි ගමන් කලේ ටිකක් දුශ්කර මාර්ගයක.. පාපැදියකින් හැර වෙනත් වාහනයකින් මෙතනට එන්න අපහසු තරම්.. බයිසිකලයක් පැදගෙන යද්දි පෘථිවියේදි විඳින්න වෙන වගේ සුළඟක් නැති උනත් ලාවට ඇඟට දැනෙන නොදැනෙන ගානට හීනි පවනක් හමාගෙන යනවා වගෙයි මට දැනුනේ...
මගේ ඉස්සරහින් බයිසිකලය පදිමින් හිටපු ජාන් හරි කලබලෙන් බයිසිකලෙන් බැස්සේ මාත් පුදුම කරවමින්..
" බෝ ඉක්මනට බහින්න.. අපි ඉන්න සීමාවේ භූමි කම්පාවක් ඇති වෙන්නයි යන්නේ.. "
එයා කියද්දි ඉක්මනට බයිසිකලෙන් බැහගත්තු මම එයා එක්කම පාර අයිනෙන් කඳු ඉවුරට පිට දීලා වාඩි උනා..
මේක උඩ ඉඳන් ගල් ගෙඩියක්වත් පත බෑ වෙයිද දන්නෑ ඔලුව උඩට...
නෑ ඉතින් කියන්න බෑනේ.. අහක යන නයිත් රෙද්ද අස්සට ඇවිත් කාලා යන දෛවයක්නේ මට තියෙන්නේ...
" මේ පොඩ්ඩෝ මේක උඩ ඉඳන් ගල් ගෙඩියක්වත් වැටෙයිද දන්නෑ නේද.. "
අනේ මන්දා මේකා ඉස්සරහා මට වෙන්නෙම ඇද ගෙන නානවා වගේ සීන්නේ අප්පා.. ඒකා හරියට මා දිහා බැලුවේ ' උබ පිස්සෙක්ද whotto ' කියන්න වගේ..
මේ මේ මේ පොඩි එකා ඕවට නම් එන්නෙපා හරිතේ... උබේ ලෝකේ ගැන මං දන්නවැයි...
" නෑ නෑ බය වෙන්නෙපා මේක එච්චර ලොකු භූමි කම්පාවක් නෙමේ... අපිට නම් ඕවා සාමාන්‍යයි.. අනික එහෙම ගල් ගෙඩි නෑ.. තිබ්බත් ඒවා වැටුනට ඔයාට හානියක් වෙන්න තරම් ලොකු ඒවා නෑ... "
YOU ARE READING
SONGS OF UNIVERSE 🌍🚀
Fiksi Ilmiahඅඬන්නම ඕනි තැන්වලත් මට උනා දරාගන්න.. සිහිනෙකටවත් නොයෙන තරම් දුරකින් නුඹ සිටියත්.. මං මාවම රවට්ටගත්තා.. එකවරකට හරි ආයෙමත් ඔය ඇස් දැක ගන්න.. දන්නවද මට හරි මහන්සියි... උඹ එනකම්ම තරු ගනන් කරමින් ඉඳලම.. ❤💚