CHAPTER 07 🌍
~shinnig eyes like stars~
තවත් පැයක් දෙකක් විතර ලුලූ එක්ක සුහද කතා බහක යෙදුණු අපි ආයෙමත් අපේ කුටියට එන්න ආවේ නිළධාරියෙක් අපිට මඟ පෙන්වද්දි...
" හරි ඔක්කොටොම කලින් මට කියපන්කෝ උබ මොකද්ද අර නටපු පිස්සුව කියලා.."
කාමරේට ආවා විතරයි අපේ කැප්ටන් මගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්න පටන් ගත්තේ හරියට ගොදුරකට පනින සිංහයෙක් වගේ..
මං මොනාද අප්පා කියන්නේ.. ඒ දඟමල්ල දැක්කාම මට කරන්ට් එකක් වැදුනා කියන්නද..
" එහෙම මුකුත් නැහැ අනේ.. නිකම් නැකිට්ටුනේ ඉතින්.. "
මං කිව්වේ ඔලුවත් කස කසා බිම බලාගෙන..
" අපරාදේ මට අහන්න බැරි උනානේ ලුලූගෙන් මල්ලි විදුලි ආඳෙක්ද කියලා.. උබ ඉතින් නැකිට්ටේ නිකම් කරන්ට් එක වැදුනා වගේනේ.."
සැක්.. මටමනේ මේ අපහාස.. ඇයි කකුල් දෙක උඹ එහෙම කලේ මට..
" අනේ මේ කැප්ටන් ඉන්නවද.. මං දැක්කනේ අර ලුලූට සෙවල පෙරන හැටි.. එනවා මෙතන මට පද හදන්න.."
" ඔව් ඉතින් මං නෑ කිව්වේ නෑනේ.. උඹ වගේ නෙමේ මං ආයේ කෙලින්ම කරන දේ කියනවා.. බලමුකෝ පුතෝ අපිත් ඉන්නේ මේකෙනේ නේහ්.. "
අනේ ඉතින් මගේ කට මොකටද.. වැඩක් නෑ වැඩක් නෑ.. ඕවාට මුකුත් කියන්න ගිහින් නම් වැඩක් ඇත්තෙම නෑ.. නිකම් මගේ කටේ කෙල හිඳෙන එක විතරයි වෙන්නේ..
" ඒක නෙමේ කැප්ටන්.. පොඩ්ඩා කිව්ව දේ ගැන මොකද හිතන්නේ.. ඒක හොඳ විසඳුමක් උනත් රිස්ක් එක වැඩියි කියලමයි මට නම් හිතෙන්නේ.. "
" ම්ම්ම් අපි බලමුකෝ.. මේක අපි දෙන්නට තනියම තීරණය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි යිබෝ.. මෙහෙ තාරකා විද්‍යාඥයො එක්ක කතා කරලා බලන්න ඕනි.. අපේ හිමායනය වෙලා ඉන්න දෙන්නෙකුත් අවදි කරන්න වෙයි අපිට.. එයාලනේ හැමෝටම වඩා හොඳටම ඕවා දන්නේ.."
එතනින් පස්සේ තිබුනේ තවත් ඒ වගේ රාජකාරිමය සංවාදයක් විතරයි... අපේ පෘථිවිය වගේ නෙමෙයි මෙහෙ.. දිගු දිවා කාලයක් නැති උනාට රාත්‍රිය ගොඩක් දීර්ඝයි.. සූර්‍යයාගෙන් ගොඩක් ඈතින් පිහිටලා තියෙන ග්‍රහලෝකයක් නිසා ඇත්තටම එහෙම වෙන එක සාමාන්‍ය දෙයක්..
YOU ARE READING
SONGS OF UNIVERSE 🌍🚀
Science Fictionඅඬන්නම ඕනි තැන්වලත් මට උනා දරාගන්න.. සිහිනෙකටවත් නොයෙන තරම් දුරකින් නුඹ සිටියත්.. මං මාවම රවට්ටගත්තා.. එකවරකට හරි ආයෙමත් ඔය ඇස් දැක ගන්න.. දන්නවද මට හරි මහන්සියි... උඹ එනකම්ම තරු ගනන් කරමින් ඉඳලම.. ❤💚