CHAPTER 10 🌍
~because i love you~පිටසක්වලයෙකුයි පිස්සු තාරකා විද්‍යාඥයෙකුයි පෙම්වතුන් බවට පත් උනේ අන්න එහෙමලු..
ඒත් මට බයයි.. මං මේ කරන්නේ වැරැද්දක් කියලා අනන්තවත් මට හිතෙන්න ඇති... මොකද තව මාස තුනකින් නැත්නම් හතරකින් අපේ යුනිවර්ස් ආයෙම යන්න යාවී... මට ජාන්ව අරන් යන්නත් බෑ මා එක්ක...මට මෙහෙ නතර වෙන්නත් බෑ කොහෙත්ම...නිරුපද්‍රිතව අපිට ගමනාන්තයට යන්න පුලුවන් උනොත් ඒ ගත වෙන කාලෙත් එක්ක ආයෙමත් බලන්න මට ජාන් කෙනෙක් නැති වේවි... මොන දේ මොන විදියට වෙනස් උනත්.. කාලය කියන දේ ඉස්සරහා මිනිස්සු හැමදාමත් අසරණයි...
අපි හිටියේ D5 තාරකා මධ්‍යස්ථානයේ... ඔව් ඔව් අර නසරානි පොඩි එකත් ඉන්නවා... එහෙන් එබෙනවා.. මෙහෙන් එබෙනවා.. හොරාට අත අල්ලනවා... ඇස් ගහනවා.. එකම විකාර ගොඩයි එතන... මං කියන්නේ නිකම්ද මේකා පිස්සු පුත්තරයෙක් කියලා..
අනිත් අයට වැඩිය නෝට් නොවුනත්.. නෝට් නොවුනා කියන්නේ ඒ මිනිස්සුන්ට සිහියක් නෑ ලඟ ඉන්න එකාටවත් අවධානයක් දෙන්න... හැබැයි අපේ කැප්ටන්..ඒ අනිකා.. කොහොම කැප්ටන් කෙනෙක් උනාද මන්දා..දෙපාරක් තුන්පාරක්ම මායි ජානුයි දිහා බලලා කැප්ටන් ස්මිත්ට කක්කල් කැස්සත් හැදුනා.. පව් අප්පා... ලුලූට කියන්න ඕනි මේ මිනිහට ක්ෂය රෝගය නිසා ලඟට යන්නෙපා කියලා..
අවුරුදු තිහක් තිස් එකක් විතර උනු මමත් අහඅටේ කොල්ලෙක් වගේ අනිත් අයට නොපෙන්න තොල් උල් කරලා එයාට ෆ්ලයින් කිස් එකක් යැව්වා..
ආදරේ ඉස්සරහා මිනිස්සු බොළඳ වෙනවා කියන්නේ මේකට වෙන්නැති... බොළඳකමත් නෙමෙයි ඒක.. මගේ කියලා දැනුනු කෙනා ගාව සැහැල්ලුවෙන් ඉන්න එක.. පොඩ්ඩක් හුරතල් වෙන එක.. ලාවට රණ්ඩුවක් දාගන්න එක.. බොළඳකමක් කියලා මං දකින්නේ නෑ..
YOU ARE READING
SONGS OF UNIVERSE 🌍🚀
Science Fictionඅඬන්නම ඕනි තැන්වලත් මට උනා දරාගන්න.. සිහිනෙකටවත් නොයෙන තරම් දුරකින් නුඹ සිටියත්.. මං මාවම රවට්ටගත්තා.. එකවරකට හරි ආයෙමත් ඔය ඇස් දැක ගන්න.. දන්නවද මට හරි මහන්සියි... උඹ එනකම්ම තරු ගනන් කරමින් ඉඳලම.. ❤💚