නිරුවත් කලුවර 09

262 30 2
                                    

"ඒ බන් මන් job එකෙන් අයින් වෙන්න ඉන්නේ බන්..."

"මොකක් පිස්සුද අනුවෝ..."

"නැහැ බන්. මට දැන් මෙතන වැඩ කරන්න හිතෙන්නේ නැහැ බන්.."

"අනේ මන්ද බන්.. මට තමා ඉතින් අවුල.."

"ආයේ එන එකත් ඉතින් උඹට ඉක්මනට set වෙයි බන්.."

මොනවා උනත් ෂෙහාන් ඉද්දි job එකෙන් යන එකට නං මටත් හිතට අවුල්. මොනවා උනත් මේ office එකට ආව දවසේ ඉදන් මගේ ළඟින්ම හිටියේ ෂෙහානයා..

"දැන් අනුත්තරගේ ඊළගට කරන්න තියෙන plans මොනවද ඉතින්..."

"මන් පොඩ්ඩක් දැන් නිවාඩුවක් අරන්, හෙමීට campus එකේ වැඩ ටිකත් කරගන්නවා රට යන වැඩ ටිකත් එක්ක sir..."

"ආ.. ඒක හොඳයි.. නැතුව අපි එක්ක තරහකට නෙමෙයි නේ යන්නේ?.."

"අපෝ නැහැ sir... පිස්සුද!..."

ඇත්තටම මට තියෙන්නේ වෙහෙසක්. ජිවිතේ කියන දේ වෙහෙසකාරී උනාම කරන කියන කිසිම වැඩක ප්‍රයෝජනයක් නැහැ කියන එක මම හොඳටම මේ දවස් ටිකේ තේරුම් ගත්ත. ඉතින් ඇත්තටම මටම හිතුන පොඩි නිවාඩුවක් ගන්න එක මටම හොඳයි කියල..


...................................................................


"අනේ මන්ද මල්ලි.. ඇත්තටම sorry..."

"දැන් sorry කිව්වා කියල කිසි වැඩක් නැහැ නේ අයියේ.. ඔයා මාව පාවිච්චි කරලා කුණු වලට විසික් කරලා ඉවරයි නේ.."

"හ්ම්ම්.. කොහොමත් මම දැන් තනියෙන් ඉන්න හිතාගෙන ඉන්නේ මල්ලි.."

"එහෙමද?.."

"ඔව් මල්ලි. මන් ආදරේ හොයන්නේ නැහැ දැන්. ඇත්තටම මන් ඒ කාලෙත් හෙව්වේ නැහැ. මට හිතාගන්න බැහැ ඇයි ඔයාටම මගේ අතින් කියල."

"එහෙමද අයියේ.. අපරාදේ ඉතින්. මගෙත් පවක්. මට තේරුනේ නැහැ ඔයා කරන හැම දෙයක්ම, කියන හැම වචනයක් ඇතුලෙම තිබිල තියෙන්නේ වංචාවයි, බොරුවයි කියල... ආදරේ කියන දේ එක්ක සෙල්ලම් කරන තිරිසනෙක් කියල ඔයාව දැක්කම පේන්නෙත් නැහැ නේ.."

"හ්ම්ම්.."

"ආ.... අම්මා proposals හොයනවා කියල කිව්වේ දැනටම එකකට කැමති වෙලා ඉන්නවා කියන එකත් වෙන්න ඇති නේද...."

නිරුවත් කලුවර...Where stories live. Discover now