"පුතා!... නැගිටින්න... අද office යන දවසක් නේද?"
"ආ.. නිවාඩුවක් දැම්ම අම්මේ... මන් ටිකකින් නැගිටින්නන්..."
"ඒ මොකෝ අසනීපයක්වත්ද?"
"නැහැ.. නැහැ.. මට ටිකක් නිදාගන්න දෙන්නකෝ..."
රෑට නං නින්ද යන්නේ නැති උනාට, හැමදාම නින්ද ඒකෙ arias එක අල්ලන්නේ උදේට නැගිටින්න ගියාම තමා. Depression වලට බෙහෙත් ගන්න කෙනෙක්ට නං මේ අද්දැකීම නුහුරු නුපුරුදු දෙයක් වෙන්න බැරි නැහැ. ගොඩක් දවසට ඉතින් office යන්නේ එක්කෝ half-day නැත්තන් නැට්ට ගිහි අරන් වගේ දුවනවා. එක්කෝ ඉතින් අද වගේ නිවාඩුම දාල ගෙදරට වෙලා ඉන්නවා.. Office නුත් ගිය නැති එකේ මට හිතුන අද එක්කො කොහේ හරි ගිහින් එන්න ඕනේ කියල. ඉතින් මන් අතට අහු වෙන පොඩි පොඩි දේවල් ටිකක් නුත් ලෑස්ති කරගත්තේ කොහෙද යන්නේ කියල හිතන ගමන්මයි.
"අම්මේ.......... කොහෙද ඉන්නේ... කුස්සියේද?..."
"නැහැ ළමයෝ.. මන් මිදුලේ... මොකද කෑ ගහන්නේ..."
"අම්මේ... මන් පොඩි ගමනක් ගිහින් එන්නං හොඳේ... එක්කෝ එද්දී රෑ වෙයි..."
"ඒ ගමන කොහෙද යන්නේ.. නිවාඩුත් දාගෙන... මොකෝ...... මේ ටිකේ ආයේ ඔයා හරි වෙනස් පුතා..."
"නැහැ අනේ... අද ටිකක් නිවාඩු එකේ කොහේ හරි ඇවිදින්න ඕනේ කියල හිතුනා..."
"හා හා... දැන් කොහෙද ඔය යන්නේ..."
"ගාල්ලේ...."
අම්ම එක්ක යන්නේ කොහෙද, මොකටද යන්නේ, කීයටද එන්නේ, ගිහින් මොනවද කරන්නේ, අනන් මනං ඔක්කොම කතා කරලා ගෙදරින් එලියට බහිද්දී තවත් දවසෙන් භාගයක් ගිහින් ඉවරයි. හැමදාම ගාල්ලේ යද්දී දැන් high-way එකේම යන හින්ද මට හිතුන වෙනසකටත් එක්ක ගාලු පාරේ යන්න ඕනේ කියල. කොහොමත් මට ඕනේ උනේ වෙනසක් හින්ද, තැනින් තැන නවත්ත නවත්ත නිදහසේ යන්න තියෙන එක තමා වටින්නේ මේ වෙලාවේ. ඒ වගේම කළුතරින් යද්දී ඉතින් බෝධියට පඬුරක් නොදා යන කෙනෙක් නැහැ නේ.. ඒත් මට අද හිතුන පොඩ්ඩක් මල් ටිකක් එහෙම පූජා කරලා ටිකක් බුදුන් වැදලම යන්න..
.........................................................................