"Hello පහන් අයියේ... මන් අදත් ඔන්න ඔයාගේ මාලිගාවේ ඉන්නේ හොඳේ.."
"ඒ.. ආ... ඒ මොකෝ මෙහෙ එන්නේ?... මේ සතියේ මැද්දේ?"
"පොඩි වැඩක් තියෙනවා අයියේ.. ඒකටත් එක්ක එන්නේ.."
"ඔයාට මොනවද අප්පා මෙහේ තියෙන වැඩ?.. අ.. ආ... අපි නොදන්න liveනුත් තියෙනවා නේ ඒ කියන්නේ.."
"අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා ඉතින්.. මන් ඇවිල්ලම කියන්නන්.."
"හා... හා.. එහෙනං high-way එකෙන් exit වෙද්දී කියන්න මන් එන්නං.."
"Bus එකේ නෙමේ අද.. මන් drive කරගෙන එන්නේ අයියේ.."
හිතේ තිබ්බේ ලොකු දෙගිඩියාවක් වගේම මොකක්ද මන්ද කියාගන්න බැරි සතුටක්. හරියට නිකන් පොඩි ළමයෙක්ට තමන් ආසම දෙයක් ලැබුනම ඉවර වෙයි කියන බයට ටික ටික පාවිච්චි කරනවා වගේ. අද මගේ ජිවිතේ ලොකු වෙනසක් වෙන්න යන දවසක් කියල මන් හොඳටම දන්නවා. හැබැයි මන් තාමත් දන්නේ නැහැ ඒක මගේ ජිවිතේ කොහොම වෙනස් කරයිද කියල නං. අර කියනවත් වගේ අපිට අපේ දියුණුවට සමහර තැන්වලදී අඩියක් පස්සටම ගන්නත් වෙනවනේ, නැත්තන් සමහරවිට අපිට ඉස්සරහට යන්න තියෙන අඩි සීයක් විතර මග ඇරෙන්නත් පුළුවන් හින්ද වෙන්න ඕනේ.. මොකද මන් ඒක මේ පහුගිය කාලේ හොඳටම තේරුම් ගත්ත. ඇත්තටම මන් හිටිය විදියට කිසිම දෙයක් මට ලැබුනෙත් නැහැ. මට ලැබෙන්න ගිය හොඳ දේවල් ගොඩක් මන් නැති කරගත්තත්.
...............................................................................
"සුදු මැණික...."
"ම්ම්ම්... කියන්න දෙයියෝ..."
"සුදූ... දවසක ඔයාට මාව එපා වෙලා, මාව දල යයිද... මන් වයසට යද්දී කැත වෙද්දී මාව එපා වෙයිනේද ඔයාට මැණික..."
"ඇයි අයියට එහෙම හිතෙනවද මාව දැක්කම. මගේ ආදරේ අයියට sure නැහැ නේද?.."
"පිස්සුද සුදු මල්ලි. මන් ඇහුවේ ඔයාට මාව දාල යන්න හිතුනොත්.. මන් ඔයාට වඩා වයසයි නේ.. ඉතින් ඔයාට කලින් මන් වයසට යයි නේ.."
"අනේ මන්ද.. අයියා තමා දාල යනවා නං දාල යන්නේ.. මට නං බැහැ අයියා නැතුව ජිවත් වෙන්න. ඒ තරම් මට ඔයාව වටිනවා. ඒකයි හැමවෙල්ම හොයල බලන්නේ, වැරද්දක් කරාම කෑ ගහන්නේ.. මොකද මට බයයි දෙයියව මට නැති වෙයි කියල."