නිරුවත් කලුවර 11

296 31 1
                                    

"ඒ අනූ.. මේ මෙහෙට එනවකො පොඩ්ඩක්.."

"මොකෝ අයියේ.."

"මේ බලනවකො මල්ලි.. අඩේ... අප්පා.. ලලයි ලිලයි ලයි..........."

"මොකෝ මේ පිස්සු වගේ..."

පහන් අයියා මෙච්චර සතුටින් ඉන්නව මන් දැකලම නැහැ. මගේ නිවාඩුවත් එක්ක දැන් වැඩි හරියක්ම මන් ඉන්නේ ගාල්ලේ. පහන් අයියටත් නිවාඩුවක් කිව්වොත් මන් මෙහෙ එනවාමයි. අද එයා කොච්චර සතුටින්ද ඉන්නේ කියනවා නං වෙනදට කතා කරන භාෂාවෙන් නුත් වෙනස් වෙලා යාලුවෝ පාව්ච්චි කරන භාෂාවටත් මාරු වෙලා.

"මේ.... මට තව promotion එකක් අනුවෝ... දැන් ඉතින් manger...."

"Oh my god!... congratulations පහන් අයියේ.. අම්මෝ මාරු නේ.. දැන් ඉතින් ඔයාට ගහන්න ලොක්කෙක් නැහැ නේ.."

"උබේ වාසනාව තමා අනුවෝ..."

"ඒ කොහොමද?..." හැබැයි ඒ කිවව දේ එක්ක මට හිතට සතුටක් ආවත්, ඒ සතුට පරද්දන්න පුළුවන් ලොකු පරණ මතකයක් මගේ හිතට ආව හින්ද මගේ මූණේ තිබ්බ හිනාව මැකිලා යන්න ඇති..


..........................................................................


"සුදූ... සුදූ... අද ගොඩක් සතුටු ආරංචියක් තියෙනවා ඔයාට කියන්න..."

"ඒ මොකක්ද දෙයියෝ ඔච්චර සතුටු හිතෙන කාරණාව?..."

"මගේ job එක permanent කරලා මැණික.. පඩිත් තිබ්බට වඩා ගොඩක් වැඩි වෙලා.. මගේ හීනයක් මේක සුදූ.."

"අනේ අයියේ.. නියමයි නේ.. ඇත්තටම මට කියාගන්න බැරි තරම් සතුටුයි දෙයියෝ.. ඔයා මේ වගේ හැමදාම ටිකෙන් ටිකෙන් ඉස්සරහට යන්න ඕනේ හැමදාම මන් ඔයාගේ දියුණුවට හයියක් වෙනවා..."

"මන් දන්නවා මැණික.. ඔයාගේ වාසනාව හින්ද තමා මේ ඔක්කොම..."

"නැහැ අයියේ.. ඔයාගේ කැපවීම.."

"වෙන්න ඇති සුදූ.. ඒත් ඔයාගේ වාසනාව හින්දම තමා මේක ලැබුනේ මන් ගොඩක් ආදරෙයි මගේ මැණිකට..."

"ඇත්තටමට දෙයියෝ ඔයා කියන්නේ.. දන්නවද අද තමා මන් ජීවිතේ වැඩියෙන්ම සතුටු උනේ.. මන් මිට කලින් කවදාවත් මෙහෙම කෙනෙක්ගෙන් අහලා නැහැ. මමත් කාටහරි වසානාවක් කියල මන් හිතන්නේ මම ඇහුවමයි දෙයියෝ.."

නිරුවත් කලුවර...Onde histórias criam vida. Descubra agora