"මොන විකාරයක්ද?.... පොඩ්ඩක් ඉන්නකෝ අනේ..."
දැන් මට ඇත්තටම පොඩ්ඩ ඇත්තන් ලොකුවට කේන්ති යනවා. ඉස්සරත් කේන්ති කාරයා තමයි. හැබැයි දැන් මේ කේන්තිය මටත් වදයක්. මන් ආසම නැති වැඩක් තමා එක වැඩක් කර කර ඉද්දි තව තව වැඩ කියන එකයි, වැඩේ අස්සෙන් අනවශ්‍ය දේවල් කියවන්න ගන්න එකයි.
"හරි හරි මේක විතරයිලු බන්.. ඕකත් කරලම ඉඳපන්... නැත්තන් බොසාගෙන් දෙන්නටම පරිප්පු.."
"මොන මගුලක්ද මන්ද ඕයි.. දමල ගහල ගෙදරට වෙලා ඉන්නවා සැපයි.."
ඇත්තටම කරන රස්සාව ඇතුලේ කිසිම තෘප්තියක් නැති උනාම ජීවිතේම එපා වෙනවා. මොකෝ මනුස්සයෙක් ජිවිතේ වැඩිම කාලයක් ගෙවල දන්නේ රස්සාව එක්ක. ඒකයි මේ ලෝකේ හැමෝටම වගේ උරුම තිත්ත ඇත්ත.
...........................................................................
"මොකක්ද අයියේ.... හැමදාම එකම කියන්න ඕනේ.. බබෙක්ද?..."
"හරි ඉතින්.. මට ඕක තේරෙන්නේ නැහැ."
"දැන් එදත් තේරෙන්නේ නැහැ කියල දවසම කියල දුන්න. පිස්සුද අනේ?... මේ කනෙන් අහල අනිත් කනෙන් පිට කරනවද ඔක්කොම.."
"හ්ම්ම්.."
"හ්ම්ම්ම් තමා.. මට පෙන්නේ එහෙම තමා කරන්නේ.. ඒකනේ හ්ම්ම් හ්ම්ම් ගන්නේ... දැන් එදා එහෙනං මොකෝ බොරු කිව්වේ තේරුනා කියල.. තාම බොරුවෙන්මයිනේ ජිවත් වෙන්නේ... ලැජ්ජා නැද්ද අප්පා.."
"මන්ද.."
"හැමදාම කියනවා බොරුවට සල්ලි නාස්ති කරන්න එපා, මහ දවාලේ එලියට බැහැල රෝන්දේ යන්න එපා, හොඳින් ජිවත් වෙන්න පුරුදු වෙන්න බොරුව අමතක කරන්න කියල. කිසිම වැඩක් නැහැ නේ.. මගේ වචන අපරාදේ. අන්තිමට සල්ලි නැහැ කිය කියා නහයෙන් අඩන්නයි, රෝන්දේ ගහල ඇවිල්ල ඔලුව රිදෙනවයි, අතන රිදෙනවයි කියා කියා ඉන්න තමා දන්නේ.. එපා වෙනවා අනේ..."
"ඉතින් මන් පුළුවන් වෙලාවට පුළුවන් දේවල් කරනවා.. හැමවෙලේම හැමදේම balance කරන්න බැහැනේ මල්ලි."
"ඔව් ඉතින්. පොඩ්ඩක් හරි balance කරනවා නං ඔහොම කිව්වට කමක් නැහැ.. මන් නං ආයේ කියන්නේ නැහැ අනේ.. අනික හැමදාම මොකක් හරි කියනවා, ආයේ ඊලග දවසේ කියන්නේ වෙනම එකක්. මන් කොහොමද එතකොට ඔයාගේ ඇත්ත තත්වෙවත් තේරුම් ගන්නේ.. ඇත්තටම පිස්සු ඔයාට.."