නිරුවත් කලුවර 04

398 41 3
                                    


"Hello!"

"Hello මල්ලි... අද අපි meet වෙමුද?..."

"අද?... අද මම office එකේ නේ..."

"ඔව් ඉවර වෙලා පොඩ්ඩක් කයියක් ගහන්න යමු.. මොකෝ කියන්නේ?...."

"ම්ම්.. හා එහෙනං.. මන් 5.30ට වගේ Galle-Face එකට එන්නං.."

සමහර වෙලාවට මට කතා කරන්න කවුරුම හරි ඉන්නම ඕනේ කියල හිතුනට, එහෙම කවුරු හරි කතා කරන්න, කන්න බොන්න, ඇවිදින්න යන්න එන්න කිව්වත් මන්ම ඒවා මගහරිනවා කියල මට හිතෙනවා. කොහොමත් මන් ඉස්සර ඉදන්ම මගේ හිතට කෙනෙක් ඇල්ලුවොත් විතරයි ගොඩක් සමීප වෙන්නේ. ඒ වගේම තමා කවදාවත් යාළුකමක් පටන් ගන්න මම ඉස්සර වෙන්නෙත් නැහැ. සමහර විට ඒක හින්දත් වෙන්න ඇති මට දැනෙන්නේ මන් තනි වෙච්ච කෙනෙක් කියලත්..

"Hello අයියේ... මන් දැන් ඇවිල්ල ඉන්නේ.. ඔයා කොහෙද?"

"මල්ලි මට තව 5mins දෙන්න. මන් එන ගමන්. දන්නවනේ ඉතින් traffic..."

"හ්ම්ම්.. හරි එහෙනං මන් One Galle-Face එකට යනවා. ඔයා ආවම කියන්නකෝ.."

"ආ.. හරි මල්ලි මාත් ඒකට එන්නන් එහෙනං.."

"Okey..."

මන් එහෙම කියල car එකත් park කරලා, mall එක ඇතුලට ගියා. මේක කොයිතරම් නං මට මතක පිරුණු තැනක්ද?... ඇතුලට එනවත් එක්කම "අයියේ උඹ හිටිය නං.." මට එක පාරාකට ඒක හිතුනේ, අපි දෙන්න අපි දෙන්නට කියල ඉස්සෙල්ලම වෙලාවක් වෙන් කරගෙන ආවේ මේ සාගරේට නේද කියල මතක් උන හින්ද වෙන්න ඇති.


.................................................................


"Oh!.. මේක මාර ලස්සනයි නේ..."

"ම්ම්.. මරු.. තියෙන බඩුවල ගණන් නුත් මරු....."

"එහෙමත් එකක්ද?... ඒවා ගන්න තමා ඉතින් මන් මේ සල්ලිකාර අයියෙක්ව දැලේ දාගත්තේ.. හ්ම්ම්......"

"ආ.. ඇත්තද බේසිකයෝ.... ඒවා නං හඳේ..."

"බලමුකෝ බලමුකෝ ඒවා නේද?... මන් ඉතින් අනුත්තර නේ.. නේද... හෙහෙහෙහෙ..........."

"ඔව් ඔව් අපෝ.. ඒවා මොකට කියනවද..., එහෙනං ඉතින් පොඩි වටයක් දාල food court එකට ගිහින් කමු නේ.."

නිරුවත් කලුවර...Opowieści tętniące życiem. Odkryj je teraz