" මගේ එක්කම ඉන්න චිමී හරිද ... ඔයාව මග ඇරෙයි නැත්තන් "
ඒ ලොකු සෝල් ස්කූල් එකේ ගේට්ටුව ඉස්සරහා ජන්කුක් හිටගන හිටියා.. ජිමින් තමන්ගේ කරේ ඔම්මා එල්ලුව බෑග් එකේ පටි දෙකත් තදින් අල්ලගන පුදුම වෙලා ඒ ලොකු ගොඩනැගිල්ල දිහා බලන් හිටියා .. මේ පළවෙනි වතාව පුංචි ජිමින් මාලිගාවෙන් එලියට ආව ..
එයාට පුදුමයි මේ වටපිටාව දැකලා ..අහස උසට යන ගොඩනැගිලි , සූ ගාලා පාරේ එහෙ මෙහෙ දුවන මිනිස්සු .. වාහන වල කැතම කැත හෝන් සද්ද .. ජිමින්ගේ ඔලුවත් රිදෙනවා හැම තැනම හැරි හැරී බලලම .. ඒ අස්සෙ ජිමින් ට ඉක්කාවක් වැටුනත් පාරෙ යන කෙනෙක් හැරිලා බලනවා .. ජිමින් ඉක්මනට ජන්කුක් ගේ අතේ එල්ලුනේ ඔම්මවත් හිටියා නන් කියලා හිතමින් ..
ජන්කුක් ජිමින්වත් එක්කලා ස්කූල් ගේට් එක ඉස්සරහා හිටන් ජිමින්ට අවවාද ගොඩක් දුන්නා ... ජිමින් හිටියේ අමාරුවෙන් හුස්මක් අල්ලමින් ... එයාට ජන්කුක් කියන දේවලුත් නෑහුන ගානයි මේ කාර්යබහුල පරිසරය දැකලා ..
" චිමී .. ? ජිමින් ඔයාට ඇහෙනවද ? "
ජන්කුක් ජිමින්ගේ උරහිසෙන් අතක් තිබ්බම ජිමින්ව ගැස්සුනා .." අහ් .. "
ජිමින් කලබල උන පාර එයාගෙ අතක් ජන්කුක් ගේ පපුවට ගැහුවා .. ජන්කුක් ට ඒ පාර ටිකක් රිදුනා උනාට එයා ලාවට හිනාවෙලා ජිමින්ගේ අත අල්ලගන ජිමින්ගේ මූණට නැමුනා ..." අ අනේ <හික්> ජන්කු මට බයයිනේ <අලාව් අලාව් ! >"
ජිමින්ට විකාර කියවෙන්න ගත්තම එයා අනෙක් අතෙන් කට වහගත්තා ... ඒ බෝල ඇස් වලට කදුළු පිරීගන එන්නේ දැන් .. මේ වගේ බරසාර ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙවෙයි ජිමින් ... මහා සෙනඟක් ඉස්සරහා එයා කොහොමද දැන් ඉක්කාව හංගන්නේ ...
DU LIEST GERADE
BABY HYUNG 👑️ ( Jikook - Completed )
FanfictionCute And Fluffy Jikook Story .. 🎀 • Tourette Syndrome • Modern Royal Family • School Life • Cute Love * Top Jeon Jungkook * Bottom Park Jimin (43) Start - 2023.05.23 Finished - 2023.12.29