Chapter 18

193 50 58
                                    


" ආනී .. කුකීට මියානේ .. මම .. මම___ "

ජන්කුක් මොකක්දෝ කියන්න උත්සාහ කලා .. ඒත් ඉස්සර උන ජිමින් ජන්කුක් ගේ තොල් වලට ඒ පුංචි කොටබෝල ඇඟිලි තියලා ජන්කුක් ව නිශ්ශබ්ද කලා ..

" කුමාඕ <වා වා .. > "
ජන්කුක් ගේ තොල් උඩ කොට ඇඟිලි ටික තියලා ජිමින් ආයාසයෙන් ජන්කුක් ට ස්තූති කලා .. ස්තූති කරලා ජන්කුක් ගේ පපුවට හෙමින් ගුලි වෙන ජිමින් දිහා බලාගන ජන්කුක් එයාගෙ තොල් මත තිබ්බ පුංචි අතට ලාවට හාදුවක් දුන්නා ..
ජන්කුක් ? ..

නෑ නෑ ඒක ජන්කුක් හිතාමතා කලා නෙවෙයි .. ඒත් ජන්කුක් ගේ ඔලුව දැන් ජන්කුක් ට ඕන විදියට වැඩ කරන්නෙ නැතිවෙලා ...
ජන්කුක් ජිමින්ගේ පුංචි ඇඟිලි වලට ලාවට තොල් තිබ්බම ජිමින් ජන්කුක් ගේ පපුවෙන් ඔලුව ඉස්සුවා .. එයා පුදුම උන හින්දා එයාට හුස්ම හිර උනා ..

" කුකී __ "

" හ්ම් එන්න අපි මොනා හරි කාලා ඉක්මනට නිදියගමු "
ජන්කුක් මොකුත් නොවුන ගානට ජිමින් ව පපුවට තියාගන එහෙම කිව්වම ජිමින් එයාගෙ බුරුල් උන නහය උඩට ඇදලා ලාවට ඔලුව වැනුවා .. ජිමින් ගේ කකුල් එයාට දැනෙන්නෙ නැති නිසා ජන්කුක් ට සිද්ධ උනා ජිමින්ව එක්ක යන්න .. ජන්කුක් හෙමින් ජිමින් ව අත් අතරට අරගන සෝෆා එකෙන් තිබ්බා ..
ඒත් ජිමින් තාමත් ජන්කුක් ගේ ඇඳුමේ එල්ලුන ගමන් ..

" ජිමින් ඉන්නකො .. මම ඔයාට සුප් එකක් හදන්නම් .. අපි වෙන් දවසක පීසා කමු .. "
ජන්කුක් හිනාවෙලා ජිමින් ගේ පුංචි ඇඟිලි හෙමින් එයාගෙ ඇඳුමෙන් ගැලෙව්වා ..

ජිමින් කදුළු පුරවන් බලන් ඉද්දි ජන්කුක් ජිමින් ගේ ඔලුවත් අතගාලා ඉක්මනට කිචන් එකට දිව්වෙ ..

තවත් විනාඩි පහක් දහයක් යද්දි ජන්කුක් උණු සුප් එකක් එක්ක සාලෙට ආවා .. ජිමින් ට ලාවට නින්ද යාගන ආවත් ඉක්කා හැලෙද්දි එයාගෙ නින්ද හැමවෙලේම කැඩුනා ..

 ජිමින් ට ලාවට නින්ද යාගන ආවත් ඉක්කා හැලෙද්දි එයාගෙ නින්ද හැමවෙලේම කැඩුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
BABY HYUNG 👑️ ( Jikook - Completed )Where stories live. Discover now