Chapter 16

176 55 21
                                    


" කුකී ඒක <හික් > රිදෙනවා "
ජිමින් යටි තොල උල් කරලා එහෙම කිව්වම ජන්කුක් තෘස්නිම්භූත වෙලා ජිමින් දිහා බලන් හිටියා ..

" මොහ් ? "

" ඉහික් "
ජිමින් තොලක් ඇද කරලා නිදහස් අතෙන් එයාගේ බාගෙට තෙමුණ ශෝට් එක ගුලි කරලා අල්ලගත්තා ..

" හ්හාහ් ඔයා මාව බය කලා ජිමින් .. කෝ .. කෝ ඉන්න බලන්න "
ජන්කුක් එහෙම කියාගන ඉක්මනට ජිමින් ගේ ලඟට ඇවිත් ඇරලා තිබ්බ ශවර් එක වහලා දැම්මා .. ජිමින්ගේ කොන්ඩෙ බාගයක් තෙමිලා තිබුනා .. ජන්කුක් හෙමින් ජිමින් ගේ ලඟට එද්දි ජිමින් එයාගේ තුවාල උන අත ජන්කුක් ට දික් කරලා පුංචි එකෙක් වගේ ජන්කුක් ජිමින්ගේ අත අල්ලගන්නකන් ජන්කුක් දිහා බලන් හිටියා ..

ජන්කුක් දන්නවා .. නොකිව්වට ජිමින්ට නිතරම ඕන කරන දේ උනේ අවධානය .. ජිමින් හරිම කැමතියි එයා එක්ක ජන්කුක් රැඳෙනවට .. ජිමින් පුංචි දෙයක් උනත් ලොකු කරලා පෙන්නන්නේ ඒකයි ..

ජිමින්ගේ අල්ල ටිකක් සීරිලාතිබුනා පාරේ වැටුන නිසා ... ජන්කුක් ජිමින්ගේ අත අල්ලගත්තා ..

" ම්ම් සීරිලානේ ඒකයි මේ .. අනේ මියාන් ජිමින් මට අමතක උනා ඔයාට තුවාල බව "
ජන්කුක් සමාව අරගත්තේ එයා විකාර හිතන්න ගිහින් ජිමින් තුවාල උන බව අමතක කරපු නිසා ..

" ම්හ් <අලාව් ! වා වා ! හ් > "
ජිමින් ට ඉක්කා වැටිලා කෑගැස්සෙද්දි බාත්රූම් එකේ ඒ සද්දෙ දෙදුරුම්කෑවා ... ජන්කුක් හීනියට හිනාවෙලා ජිමින්ගේ අතේ තුවාලෙට කටින් ලාවට පිම්ඹා ..

" වොෂ් දාලා ඉවර වෙලා අපි බෙහෙත් දාමුකො හොදේ .. ෆූ .. දැන් හරි යයි "
ජන්කුකුත් පුංචි එකෙක් නලවන්නා වගේ ජිමින්ගේ අතට පිඹිමින් ජිමින්ව හුරතල් කරා ..

ජන්කුක් හෙමින් ජිමින් ගේ අල්ලට තොල් උල් කරලා පිම්ඹම ජිමින්ගේ ඇඟේ හිරිකඩු පිපුනා .. ඇඟ හිරිවැටුනා වගේ දැනුන නිසා ජිමින් ව තිගැස්සුනා ...

ජන්කුක් ට ඒක තේරුනා .. ජිමින් ඉක්මනට අහක බලාගත්ත එකෙන් ජන්කුක් ට ස්තීර උනා තමන්ට වගෙම ජිමින් ටත් එන්න එන්නම දේවල් අමුතුවට දැනෙන්න අරන් කියලා .. ජන්කුක් අහක බලන් ඉන්න ජිමින් ගේ මූණ දිහා බලාගන ආයෙමත් ජිමින්ගේ අල්ලට කටින් පිම්ඹා ..

BABY HYUNG 👑️ ( Jikook - Completed )Onde histórias criam vida. Descubra agora