Chapter 15

196 48 58
                                    


ස්කූල් ඇරිලා ජිමින්ට ඕන උනා street foods කන්න යන්න .. ඒත් ජිමින් ඒක ජන්කුක් ට නොකියා ඉන්න උපරිම උත්සාහ කලත් වෙලාවකට එයාගේ ඉක්කාව එයාගේ හිතේ තියෙන ඇත්තත් පිට කරන එකට ජිමින් අකමැතියි ...

ඉතින් ඔන්න ජිමින්ට ඒක ඉබේම කියවුන නිසා ජන්කුක් අද වාහනේට පරක්කු වෙන්නයි කියලා පණිවිඩයක් දිීලා ජිමින් එක්ක ස්කූල් පාර දිගේ පයින්ම ආවා ..

" < උහ් උහ් ප්ආ ප්ආ > "

" චිමී කෝ මෙහාට එන්න "
පාර පැත්තේ අත් විහිද විහිද මොන මොනාදෝ කියෝ කියෝ යන ජිමින් ව ජන්කුක් පාර පැත්තෙන් අයින් කරලා ජන්කුක් පාර පැත්තට ගියාම ජිමින් ජන්කුක් ගේ ලොකු අත් බාහුවක එල්ලුනා .. එයා හරි ආසයි ජන්කුක් අප්පා කෙනෙක් වගේ හැසිරෙද්දි .. මොකද ජිමින්ට එයාගෙ අප්පා ලොකු අවධානයක් දීලම නෑ .. ඒත් ජන්කුක් හැමදාමත් වගේ සම්පූර්ණ අවධානයම ජිමින්ට දෙනවා ..

ජිමින් සතුටට තනියම හිනාවෙද්දි ජන්කුක් ඒක හොරැහින් දැකලා අහක බලාගන හිනා උනා .. ඒත් එයාගේ හිතේ ජිමින් ගැන වෙන අදහසක් පැලවීගන එන එක නිසා ජන්කුක් ගේ මූණේ හිනාව මැකිලා ගියා .. ජිමින් මොනා හිතාවිද කියලා ජන්කුක් බය උනා ..

" කුකී හොත්තොක් හොත්තොක් "
ජන්කුක් කල්පනාවෙ ඉන්න ඩිංගට ජිමින් ජන්කුක් ගේ අත අතැරලා ඉස්සරහට දුවලා ඉවරයි .. හීනි ඉක්කාවක් හැලුන නිසා දුවන එක ටිකකට නතර කරපු ජිමින් ආයෙම ඉස්සරහට දිව්වා ..

" ජිමින් ! දුවන්න එපා "
ජිමින්ගේ බෑග් එකත් උස්සන් ජන්කුක් කෑගැහුවත් ජිමින් පුංචි අඩි ගොඩාරියක් තියලා හිම බබෙක් වගේ ඉස්සරහට දිව්වා ..

" අජුශ්ශී <බෲම් ආ ආ ව් > හොත්තොක් "
ජිමින්ගේ ඇස් වල දිලිසුනේ අර හොත්තොක් ටික .. එයා එක හොත්තොක් එකක් අතට ගන්න හදලත් ඉක්මනට අත අහකට ගත්තා ..

" කුකී "
අනේ ජිමින්ට මතක් උනා ජිමින් වගේම තවත් කෙනෙක් ඉන්නවා පුංචි කාලේ ඉඳන්ම හොත්තොක් වලට ආස .. ඒත් ජිමින් තමා හැමදාම වැඩිපුර කන්නේ .. කුකී හැමදාම බඩ පිරිලා කියලා බොරු කියනවනේ ..

 කුකී හැමදාම බඩ පිරිලා කියලා බොරු කියනවනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
BABY HYUNG 👑️ ( Jikook - Completed )Where stories live. Discover now