Chapter 21

193 45 84
                                    


ජන්කුක් ස්කූල් එකේ හිටියේ හරි කල්පනාවක වත් නෙවෙයි .. අඩුම තරමේ මිස්ටර් හොන්ග් ගේ පීරියඩ් එකේ homework ටික වත් ජන්කුක් කරලා නැහැ ..
මුළු ක්ලාස් එකම වගේම මිස්ටර් හොන්ග් පවා පුදුම උනා ජන්කුක් ට homework කරන්න අමතක උනා කියලා ඇහුවම ..

ඔව් .. ඊයේ ජන්කුක් මාලිගාවෙ ඉඳන් ගෙදර ආව වෙලේ ඉඳන් ඔහේ වාඩිවෙලා බලන් හිටියා ... ගෙවිච්ව දවස් ටිකට ජන්කුක් ගේ පුංචි apartment එක ජිමින් කොයිතරම් වෙනස් කරලද ..
සෝෆා එකේ ඉඳන් ඉන්න ජන්කුක් ට මතක් උනා එයා එදා ජිමින් ව උස්සලා සෝෆාව උඩින් හිට්ටෙව්ව හැටි .. ජන්කුක් හෙමින් හැරිලා සෝෆා එක අතගෑවා ..

ජන්කුක් ඔහේ නැගිට්ටා ..මුළු ගේම පාලුයි ජිමින් ගේ ඉක්කාව නැතුව .. ජන්කුක් ගේ ඇස් වලට කදුළු පිරිලා තිබුනා ... එයාට කෑගහලා අඬන්න හිතුනා .. සෝෆා එක පාමුල එදා ජිමින් ව තුරුල් කරන් හිටිය හැටි ජන්කුක් ට මතක් උනා ...
එයා හෙමින් කිචන් එක පැත්තට ගියේ වතුර ටිකක් බොන්න ..
අනේ කිචන් ටේබල් එක උඩ හිටිය ජිමින් ගේ මාළු මාළුන්ගේ ලොකු වීදුරු බෝල් එකේ ජිමින් එයාගේ ගැස්සුන අකුරු වලින් මාළු මාළු කියලා ලියලා අලවලා .. ජන්කුක් ට හිනාවක් පැන්නා ඒක දැකලා .. ඒත් එක්කම එයාගේ ඇස්වල පිරුන කදුළු ඔහේ රූටලා කම්මුල් වලට හැලුනා ..

එයා හෙමින් ඒ ගැස්සුන අකුරු උඩ අතගෑවා .. ජිමින් ගේ කටහඬ ඒ මුළු ගෙදරම තිබුනා .. ජිමින් එක තැන ඉන්න කෙනෙකුත් නෙවෙයි .. ඒ ටික දවසට මුළු appartement එකම කනපිට ගහලා ජන්කුක් ගේ ඉක්කා කුමාරයා ...

ඉතින් ජන්කුක් ජිමින් ගේ කල්පනාවෙ හිටියා මිස කොහේ homework කරන්නද .. අඩුම තරමේ ජන්කුක් ට රෑට කන්න වත් පිරියක් තිබ්බෙ නෑ ..

ඉතින් ඔන්න ජන්කුක් homework නොකල නිසා ජන්කුක් ට පීරියඩ් එකක්ම ක්ලාස් එකෙන් එලියේ ඉන්න උනා .. ඒත් ජන්කුක් මොකුත්ම කිව්වෙ නෑ .. එයා ඔහේ බිත්තියට හේත්තු වෙලා හුස්ම හලමින් කල්පනා කලා මිස ..

.
.

" ජන්කුකී .. අ අනේ මොකක්ද උනේ කියලා දැන් වත් කියන්නකො "
රෙබේකා එයාගේ යාලුවො එක්කලා ජන්කුක් ගේ වටේට එකතු උනා .. මිස්ටර් හ්වන් ගේ පීරියඩ් එකෙන් පස්සේ ජන්කුක් නිශ්ශබ්දව ක්ලාස් එකට ඇවිත් වාඩි උනා විතරයි ක්ලාස් එකේ ලමයින්ගෙන් කරදරේ ..

BABY HYUNG 👑️ ( Jikook - Completed )Where stories live. Discover now