Chapter 6

218 57 87
                                    


ජන්කුක් ජිමින් වත් එක්කගන ක්ලාස් රූම් එකට යද්දි සොන්සෙන්නිම් ක්ලාස් එකෙන් ගිහින් තිබුනා ... ඒ නිසාම ක්ලාස් එක ගොඩක් ඝෝෂාකාරී වෙලයි තිබුනේ .. ජිමින් උත්සාහ කලා ජන්කුක් කිව්වත් වගේම ඉක්කාව ට ඔහේ යන්න දෙන්න .. ඒත් ක්ලාස් එකේ ළමයින්ව දැක්ක ගමන් ජිමින් වත් නොදැන එයාගේ හුස්ම හිර උනා .. එයාගේ ඉක්කාව ඉබේම හිරවෙනවා ...

කලබලෙන් දඟලන ළමයි ජිමින්ටත් ජන්කුක් ටත් ඒ හැටි අවධානයක් දුන්නේ නැති නිසා ජන්කුක් පාඩුවේ ජිමින් වත් එක්කගන ක්ලාස් එක මැදින් තමන්ගේ මේස ලඟට යන්නයි හැදුවේ ...

" ආ <හික්> "
හදිසියේම ජිමින් ජන්කුක් ගේ අත තදින් අල්ලන් කෙදිරියක් පිට කලාම කල්පනාවෙ ඉස්සරහට ගිය ජන්කුක් තිගැස්සිලා හැරිලා බැලුවා ...

" ඒයි ජන්කුක් ! ඔයා අපිට ඔයාගේ අලුත් යාළුවව අදුන්වලා දුන්නෙ නෑනේ "
ආපහු හැරුන ජන්කුක් දැක්කේ කොළ ගුලි ටිකක් උඩ දදා ජන්කුක් දිහාත් ජිමින් දිහාත් ඩෙස්ක් එකක් උඩ ඉඳගන බලන් ඉන්න කොල්ලව ..

ඒ දිහාත් බලලා ජන්කුක් හැරිලා බැලුවේ ජිමින් දිහා .. අනේ ජිමින් ට ඇඬීගනයි එන්නේ .. එයාගේ ඔලුවට සැර කොළගුලි පාරක් වැදුනා කදුළු එන්නම ..

ජන්කුක් නැවිලා ජිමින් දිහා බැලුවා .. ඒ බලලා ආයෙම හැරිලා අර හිනාවෙවී බලන් ඉන්න කොල්ලා දිහාත් බැලුවා ..

" රෙන් .. දෙයක් අහන විදියක් තියෙනවා .. "
ජන්කුක් තරහින් හිටියත් එයා සන්සුන්ව කතා කලා ..

" අහන විදියට තමයි ඇහුවේ .. "
රෙන් ආයෙත් එයාගේ ගැන්සියත් එක්ක හයියෙන් හිනා උනාම ජිමින්ට හික් ගාලා ඉක්කාවක් ආයෙ පිට උනා ..
" අහ් ඇයි එයා ඉක්කා ගහන්නේ ? වතුර බොන්න බැරිද ? "
රෙන් හයියෙන් හිනාවෙලා අතේ තිබ්බ තවත් කොල ගුලියක් ජිමින්ගේ නළලට ගැහුවම ජන්කුක් ගේ ඉවසීමේ කට්ට පැන්නා .. රෙන් ට ඕන උනෙත් ඒක තමා ..

" රෙන් ඕක නවත්තනවා ! "
තවත් කොළ ගුලියක් ජිමින්ගේ පැත්තට එද්දි ජිමින් ගේ ඇස් වලින් කදුළු කම්මුල් වලට හැලුනා .. එයා ඇස් තදින් පියාගන බිම බලාගත්තම ජන්කුක් ජිමින්ගේ ඉස්සරහින් හිට ගත්තා ..

BABY HYUNG 👑️ ( Jikook - Completed )Where stories live. Discover now