Chapter 20

177 45 61
                                    

ආර්යාව ජිමින් ගේ කාමරෙන් එලියට එද්දි එයා දැක්කා කාමරේ ඉස්සරහා කදුළු එක්කම බිම බලාගන හිටගන ඉන්න ජන්කුක් ව ..

" අදල් ... ජන්කුක් "
ආර්යාව එහෙම කතා කලාම ජන්කුක් ගේ ඇස් වලින් කදුළු හැලුනා .. ආර්යාව තාමත් ජන්කුක් ව විශ්වාස කරන එකට ජන්කුක් ට සැනසීමක් ..

" මගෙ දරුවා හොඳටම අඬනවා ජන්කුක් .. අනේ ඔයාවත් ටිකක් බලන්න "
ආර්යාව එහෙම කියලා ජන්කුක් ගේ අතකින් අල්ලගත්තම ජන්කුක් පුදුමෙන් ඒ දිහා බැලුවා ...

" මට .. මට සමාවෙන්න ආර්යාවනි .. කුමාරයා ගැන මට මීට වඩා හොයලා බලන්න තිබුනා .. එදා මම__ "
ජන්කුක් කියාගන ආව දේ එහෙම්මම නතර උනා ... ආර්යාව ජන්කුක් ගේ ඔලුව අතගෑවම ජන්කුක් ගේ වචන හිර උනා ..

ජන්කුක් ට මතක ඇති කාලෙක ඉදන් ඔම්මා කෙනෙක් ගේ ඇසුරක් ලැබුනේ නෑ .. පුංචි කාලේ ඉඳන්ම ආර්යාව තමයි ජන්කුක් ට ටිකක් හරි එහෙම සලකපු එකම කෙනා .. ඒකත් ක්වාන් පවුල නැති තැන් වලදි විතරයි ..

ඉතින් අද ආර්යාව හෙමින් ඔලුව වනමින් ජන්කුක් ගේ ඔලුව අතගාද්දි ජන්කුක් ට ඒක ගොඩක් දැනුනා ..
" ජන්කුක් කලේ හරි දේ .. මම දන්නවනේ ජිමින් ට ජන්කුක් ආදරේ වග .. ම්ම් "
ආර්යාව හිනාවක් පෑවම ජන්කුක් ආයාසයෙන් හිනා උනා ..

ඔව් .. ජිමින් ට ජන්කුක් ආදරෙයි .. ඒක පුංචි කාලේ තිබ්බ ආදරේට වඩා දැන් වෙනස් උනත් ජන්කුක් දන්න එකම දේ එයාට ජිමින් එක්ක ඉන්න ඕන බව .. ජිමින් ගේ ඉක්කා සද්දෙ නෑහෙද්දි ජන්කුක් ට පාලු හිතේවි ... ජිමින් එක්ක ඉන්න එක ජන්කුක් ට කොයිතරම් රිදුනත් ජන්කුක් හැමදාම ජිමින් එක්ක ඉන්න ආස කලා ..

.
.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
BABY HYUNG 👑️ ( Jikook - Completed )Where stories live. Discover now