Oneside love

64 20 10
                                    



ස්තූතියි මුලින්ම ආදරේ මොකද්ද කියලා පෙන්නුවට,

ස්තූතියි හදවතේ රිද්මය ගැහෙන විදිහ පෙන්නුවට,

ස්තූතියි ඇස් වලින් කතා කරන විදිහ ඉගැන්නුවට,

ස්තූතියි ඒකපාර්ශ්වික ආදරේ සොදුර වේදනාව පෙන්නුවට~🍂

මන් දන්නවා ඔයා මගේ හැගීම් අදුරනවා කියලා...
මන් දන්නවා ඔයාට සමහරක් විට මගේ හැගීම් විහිලුවක් කියලා....
මොකද,
ඔයාගේ හදවත් ගැහෙන්නේ වෙන කෙනෙක් වෙනුවෙන්...
ඉතින් කොහොම තේරෙන්නෙද මගේ හැගීම් ඔයාට.....🍂

අපි ඇස් වලින් කතා කලා...
අදටත් කතා කරනවා..
ඒත්...
ඔය ඇස් දිලිසෙන්නේ වෙන කෙනෙක් වෙනුවෙන් කියලා මන් දන්නවා...

හදවතේ කොනකින් රිදුම් දීගෙන ආවත්..
මන් හිනාවුනා..
මට ආස හිතුන දරාගන්න...
අදටත් මන් ඒක හරි අපූරුවට කරනවා....🍂

මන් දන්නවා මගේම යාලුවගේ ආදරේට ආදරේ කරන එක වැරදියි කියලා...
ඒත් ඒ ඇස් ඔයා එක්ක කතා කරන්න කලිනුයි මන් ඔයාගේ ඇස් මත්තේ නැහුනේ...🍂

මට රිදෙනවා...
ඒත් මට ආපු මගට ආයේ යන්නවත් නවතින්නවත් බෑ...
මන් දන්නවා ඔයාට හැමදාම මාව ඔයාගේ හොදම යාලුවෙක් විතරයි කියලා...
මන් සැනසෙන්නම් ඒකෙන් හරි...🍂

ඉතින් අවසරයි නවතින්න...
කවදහරි මගේ හදවත් ඔයා වෙනුවෙන් ගැහෙන එක නවතිනකල්...
මන් ආදරේ කරන්නම් ....
හිත රිදුනොත් දුක හිතුනොත්
මන් ලගට එන්න....
මන් සනසන්නම් ඔයාව....

එකතු වීමක සළකුනු අනන්තයෙන්වත් නොපෙනෙන ....
මගේ ඒකපාර්ශ්වික ආදරේට හදවත ගැහෙන තුරු මන් ආදරේ කරන්නම් 🙂♥️


@minki04 චූටි නංගියා තමයි ලිව්වේ ... ඒක ලස්සනයි පැටියෝ ❤️

𝔗𝔥𝔢 𝔰𝔬𝔲𝔫𝔡 𝔬𝔣 𝔱𝔥𝔢 𝔥𝔢𝔞𝔯𝔱 ఌ||Poem( Open )Where stories live. Discover now